වැස්ලීන් හෙල්දි වයිට් ගෙනෙන සමර් ග්ලෝ

    July, 6, 2016

    දිනපතා ඉර එළියට, දුහුවිල්ලට සහ වෙනත් හානිකර දේවල් වලට නිරාවරණය වූ විට සම වියළි වීම, අඳුරු පැහැ ගැනීම සහ සමට හානිවීම වැනි තත්ත්ව ඇතිවිය හැක. මේවාට පිළියමක් ලෙස බොහෝ දෙනෙක් ෆේස් ක්‍රීම්, ෆේස්ස වොෂ්හ, ස්ක්‍රබ් ටෝනර් වැනි දේවල් පාවිච්චි කරති. එහෙත් මුහුණ හැර සරිැරේ අනෙක් කොටස්වල සමේ පැහැය ගැන නිසි අවධානයක් යොමු කරන්නේ කීයෙන් කී දෙනාද?

    ඇත්ත වශයෙනම් මේ ආකාරයට අපගේ සමේ නිසි අවධානයකට ලක්නොවෙන ප්‍රමාණය 90% කට ආසන්න ය. මෙහි ප්‍රතිඵලයක් වන්නේ සමේ පැහැය සරිැරේ විවිධ තැනව්ලදී එකිනෙකට වෙනස් වීමය. උදාහරණයක් ලෙස මේ නිසා අපේ මුහුණ උරහිසව්ලට වඩා පැහැපත් ලෙස පෙනමීට ඉඩ ඇත. ඇතැම් වේලාවට අතේ ඇඟිලි පාදයේ ඇඟිලිවලට වඩා පැහැපත් වේ. අත්වල සම පාදවලට සමට වඩා පැහැපත් වේ. මෙය අපට ගැටලූවක් වන්නෙ ඇතැම්විට අප කැමති ඇඳුම් අඳිනන්ට උත්සාහ කිරීමේදී මේ සමේ වර්ණයේ වෙනසක්ම් පිටතට පෙනෙන බව අවබෝධ වූ විටකදී ය. මේ නිසා අපට අවශ්‍ය ඇඳුම් අඳිනන්ට බැරි වෙන අතර අලූත් විලාසිතා අත්හදා බැලීම අපහසු වීමටද ඉඩ තිබේ. මෙය කෙනෙකුගේ ආත්ම විශ්වාසයටද බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

    බොහෝ කාන්තාවන්ට පොදු ගැටලූවක් වන මෙයට කදිම විසඳුමක් හඳුන්වා දීමට දැන් වැස්ලීන් පියවර ගෙන තිබේ. සිරුර පැහැපත් කරන නව වැස්ලීන් “හෙල්දි වයිට්” හඳුන්වා දී ඇත්තේ සිරුරේ සමේ පැහැයේ වෙනස්කම් නැතිකර එය එකසේ පැහැපත්කි කිරීමේ අරමුණනි.

    මේ පරිපූර්ණ විසඳුම රටට හඳුන්වා දීම සඳහා වැස්ලීන් හෙල්දී වයිට් සමගින් “සමර් ග්ලෝ” අත්විඳිනන්ට කොළඹ නගරයේ සුවිශේෂී තරුණියන් පිරිසකට ආරාධනා කරන්නට වැස්ලීන් මෑතකදී කටයුතු කළේ ය. කෙතරම් තදට හිරු එළිය පැවතියද දැන් මුළු ශරීරයේම සමේ පැහැය එක සමාන ලෙස පැහැපත්ව පවත්වාගැනීම පහසු කටයුත්තක් බව වැස්ලීන් එහිදී ඔප්පුකර පෙන්වීය.

    සමර් ග්ලෝ හි තවත් අරමුණක් වූයේ එක සමාන පැහැයෙන් යුත් සමක් යනු සමේ පැහැපත් බව සම්බන්ධ අලූත්ම ප්‍රවණතාව බව ලොවට විදහා පෙන්වීමයි. වර්තමානයේ අලූත්ම විලාසිතා රටාවන් සමග එය කදිමට ගැළපෙන බව එහිදී අවධාරණය කෙරුණු අතර කෙතරම් තද හිරු එළියක් පවතින රටකට වුවද චකිතයකින් තොරව සංචාරය කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය එමගින් ලැඛෙන බවද පෙන්වා දෙන ලදි.

    වැස්ලීන් හෙල්දි වයිට් හි ඇතුළත් ප්‍රධාන ද්‍රව්‍ය මගින් සිරුරේ සමට තෙතමනය ලබාදී සති දෙකක් ඇතුළත එය පැහැදිලිව පෙනෙන ලෙස පැහැපත් කරයි. එය සම තුළට පිවිසී වියළි සම ඇතුළතින් පෝෂණය කරයි. එමගින් කල් පවතින පැහැපත් බවක් සමට ලබාදෙයි (සාමාන්‍ය වියළි සමේ බාහිර මතුපිටට ආසන්න අපිචර්මීය මට්ටමින් තෙතමනය ලබාදී එය යථා තත්ත්වයට පත්කරයි).

    “කාන්තාවන්ට විශේෂයෙන්ම තමන්ගේ සම නීරෝගීව, පැහැපත්ව පවත්වා ගැනීම හරිම වැදගත්. ලස්සනට ඉන්නත්, ආත්ම විශ්වාසය ඇතිවෙන්නත්, අලූත් අලූත් විලාසිතා අත්හදා බලන්නත් කෙනෙකුට එක සමාන පැහැපත් බවක් තිඛෙන සමක් තිබිය යුතුයි. ආත්ම විශ්වාසය තියෙන කාන්තාවක් කියන්නේ ලස්සන කාන්තාවක් කියන එක අපි කවුරුත් දන්නවා. ඒ වෙනුවෙන් එක සමාන පැහැපත් සමක් ලබාදීමේ පොරොන්දුවත් සමග ‘වැස්ලීන් හෙල්දි වයිට්‘ නැවත දියත් කරන්නට ලැබීම අපට විශාල සතුටක්. ‘වැස්ලීන් හෙල්දි වයිට්‘ නිතර පාවිච්චි කිරීමෙන් සමේ අඳුරු පැහැය නැතිවී එක සමාන පැහැපත් බවක් ලබාගන්නට පුළුවන්.“ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා (පෞද්ගලික සත්කාර නිෂ්පාදන) ෂර්මිලා බණ්ඩාර මහත්මිය පැවසුවා ය.

    “නිරෝගී සහ එක සමාන පැහැයකින් යුත් සමක් තිබීම හරිම වැදගත්. එවැනි සමක් තිබීමෙන් විශේෂයෙන්ම උණුසුම් කාලගුණයක් තිඛෙන දවස්වලදී වෙනස් ඇඳුම් වර්ග සහ අලූත් විලාසිතා ආදිය අත්හදාබලන්නට අවශ්‍ය ආත්ම විශ්වාසය ලැඛෙනවා. අද දවසේ ට්‍රෙන්ඩ්ස් සමග හොඳින්ම ගැළපෙන එවැනි නිරෝගී, එක සමාන පැහැයෙන් යුත් සමක් තිබීමේ වැදගත්කම අවධාරණය කරන වැස්ලීන් හෙල්දි වයිට් සමග එක්වී මෙසේ වැඩකරන්නට ලැබීම මට විශාල සතුටක්.“ කලම්බෝ ෆැෂන් වීක් හි නිර්මාතෘ හා සභාපති අජායි වී. සිං මහතා එසේ සිය අදහස් පළකළේ ය.

    මෙම ඉසව්වට අමතරව ‘Vaseline Summer Glow – Around the World’නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද වැස්ලින් කටයුතු කළේ ය. මේ ඔස්සේ වාසනාවන්ත ජයග්‍රාහිකාවන් 15 දෙනෙකුට ලොව රටවල් 4 කට සංචාරය කිරීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව වැස්ලින් මිලිලීටර 100 බෝතල්වල අමුණා ඇති ස්ක්‍රච් කාඩ්පත් සූරා එහි ඇති කේතය 6997 ට SMS කිරීමෙන් ඩුබායි, පැරිස්, බැංකොක් සහ ක්වාලා ලම්පූර් යන නගරවලින් එකකට සංචාරය කිරීම සඳහා ගුවන් ටිකට්පත් දෙකක් දිනාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.