විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ජයරත්න පීරිස් විශේෂ ඇගයීමට පාත්‍ර වේ

    April, 3, 2026

    කැස්බෑව මෙන්ම පිට පලාත්වලද සියලුම වාහනවල ස්වයංක්‍රීය විදුලි ක්ෂේත්‍රයේ සැපයුම් ආයතනයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇති දිවයිනේ ප්‍රමුඛ අයතනයක් වන විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් නිර්මාතෘ ජයරත්න පීරිස් මහතා කොලඹ පදනම් ආයතනයේ පසුගියදා පැවති Pride of Nation සම්මාන උලෙලේ විශේෂ ඇගයීමට ලක්විය.

    Pride of Nation   සම්මාන උලෙලේදී සම්මානයට පාත්‍ර වන්නේ කුමන හෝ ක්ෂේත්‍රයක විශේෂ සහ විශිෂ්ට සේවාවක් සිදු කල ආයතන හෝ පුද්ගලයන් වීම හේතුවෙන් මෙහි අගය වඩාත් ඉස්මතුවේ.

    වසර 25 කට අධික කාලයක් විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය වර්තමානයේදි එහි දෙවන පරම්පරාව විසින් උසස් ලෙස පත්වාගෙන යාම විශේෂයෙන් ඇගයීමට ලක්විය යුතු බව විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් සේවාදායකයන්ගේද මතය වී තිබේ. තමා බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වසර 25 කට පෙර ආරම්භ කල විජය ඔටෝ ඉලෙක්ට්‍ර්කල්ස් මෙවැනි සුවිශේෂ ඇගයීමට ලක්වීම පිලිබදව තමා අතිශය සතුටට පත් වන බව මෙහිදී ජයරත්න පීරිස් මහතා පවසන ලදි. මෙම ඇගයීම් සම්මානය ආභරනයක් නොව වගකීමක් සේ සලකා ඉදිරියේදී කටයුතු කරනා බව ජයරත්න පීරිස් මහතා පවසන ලදි.

    Video Story

    Stock Market

    Exchange Rates