November, 6, 2025
NDB බැංකුව, කීර්තිමත් චීන විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම් රැසක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන පෙළ හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා වන අතර, ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද මූල්‍ය පහසුකම් මඟින් සහාය ලබා දෙයි.
මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට Fortune 500 ලැයිස්තුවට ඇතළත් චීන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද, ලොව පුරා ප‍්‍රසිද්ධ රථ වාහන සන්නාම වන Skywell , Skyworth සමාගම් සහ Keyton ඇතුළු අති නවීන මගී වාහන පෙළකට ප‍්‍රවේශ වීමේ පහසුකම ලබා ගත හැක. දැරිය හැකි මිල ගණන් සහ පහසුව කෙරෙහි අවධානය යොමු කරමින්, NDB බැංකුව ඉක්මන් අනුමැතිය, අවම ලියකියවිලි, නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප සහ කිසිදු ඇපකරුවෙකුගේ අවශ්‍යතා නොමැතිව පෞද්ගලිකව සකසන ලද ලීසිං විසඳුම් ලබා දෙන අතර, එමඟින් ශ‍්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ වාහන පෙළෙහි විශ්වසනීයත්වය සහ ගුණාත්මකභාවය අත්විඳීමට හැකියාව ඇත.
දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ විශාල ව්‍යවසායන් සඳහා සහාය වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන Skywell විද්‍යුත් වෑන්රථ, ට‍්‍රක් සහ බස් රථ ඇතුළු පුළුල් පරාසයක වාණිජ වාහන සඳහා ද මෙම සහයෝගීතාවය විහිදී යයි. වාණිජ වාහන සඳහා වන NDB බැංකුවේ විශේෂිත මූල්‍ය පැකේජ ව්‍යාපාර වල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස්කර ඇති අතර, ව්‍යවසායකයින්ට සහ ආයතන වලට ඔවුන්ගේ ව්‍යාපාරික මෙහෙයුම් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට අවශ්‍ය විශ්වාසදායක ප‍්‍රවාහන විසඳුම් වෙත ප‍්‍රවේශය ඇති බව සහතික කරයි.
සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය වන සුවිශේෂී මුලපිරීමක් ලෙස, මෙම හවුල්කාරිත්වය Skywell වෑන් සහ බස් රථ සඳහා ප‍්‍රතිමූල්‍යකරණ ක‍්‍රමයක් හඳුන්වා දෙයි. සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයින්ට දැන් 7% ක ඉතා තරඟකාරී පොලී අනුපාතයකට රුපියල් මිලියන 25 ක් දක්වා ණය වලින් ප‍්‍රතිලාභ ලබා ගත හැකි අතර, එමඟින් එම අංශය නංවාලීමට සහ ශ‍්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමට නවීන, සුවපහසු ප‍්‍රවාහන විසඳුම් සඳහා ආයෝජනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.
‘ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනය සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය හරහා පෞද්ගලික ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට පුළුල් විදුලි වාහන මූල්‍යකරණ විසඳුම් ලබා දීමේ සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි. යුරෝපා සංගමය විසින් සහතික කළ, ගෝලීය මට්ටමේ සන්නාම සඳහා NDB බැංකුවේ නම්‍යශීලී සහ පාරිභෝගික කේන්ද‍්‍රීය ලීසිං පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, අපි අපගේ ගනුදෙනුකරුවන් සඳහා නව අවස්ථා නිර්මාණය කරන අතරම අත්‍යවශ්‍ය කර්මාන්ත සඳහාද සහාය වන්නෙමු,’ යනුවෙන් NDB බැංකුවේ ලීසිං අංශයේ සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
දශක පහකට අධික කාලයක් ප‍්‍රවාහන, දේපළ සංවර්ධන, ආනයන හා අපනයන, මෝටර් වාහන වෙළඳාම සහ මූල්‍ය හා ව්‍යාපෘති උපදේශන යන ක්ෂේත‍්‍ර වල විශිෂ්ටත්වය අත්පත් කරගෙන ඇති ගැවින්රෝ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ගැවින්රෝ ඉන්ටර්නැෂනල්, ගැවින්රෝ ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් සහ රොවින්කෝ ග්ලෝබල් යන සමාගම් වල හෝල්ඩින් සමාගම ලෙස ක‍්‍රියා කරයි.
ගැවින්රෝ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අභීත් දන්ගොල්ල මහතා මෙසේ ප‍්‍රකාශ කලේය . ‘ශ‍්‍රී ලංකාවේ පරිසර ¥ෂණය අවම කිරීම සඳහා ගැවින්රෝ ආයතනයේ ගමන් මෙඟ් සැලකිය යුතු ඉදිරි පියවරක් ලෙස NDB බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය සනිටුහන් කරයි. අප සැමගේ ඉලක්කය වන්නේ තිරසාර හා නව්‍ය විදුලි වාහන සෑම කෙනෙකුටම සහ සෑම අංශයකටම ප‍්‍රවේශය පහසු කිරීමයි.’
මූල්‍ය විසඳුම් පිළිබඳ NDB බැංකුවේ ඇති විශේෂඥතාව සමඟින්, මෙම හවුල්කාරිත්වය හරහා රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට වැඩි ප‍්‍රවේශයක්, පහසුවක් සහ දැරිය හැකි මිලකට වාහන මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමිකර දෙයි.
ඡායාරූපය (වමේ සිට දකුණට) - අනුෂි විතානගේ - සහකාර උප සභාපති නීති අංශය, NDB බැංකුව; ජගත් කරුණාරත්න - ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන සහ විකුණුම් කළමනාකරු, NDB බැංකුව; දිලූම් අමරසිංහ - සහකාර උප සභාපති ලීසිං අංශය, NDB බැංකුව; සෙයාන් හමීඞ් - උප සභාපති පෞද්ගලික බැංකුකරණය, NDB බැංකුව; සංජය පෙරේරා - ජෙෂ්ඨ උප සභාපති පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම්, NDB බැංකුව; අබීත් දංගල්ල - කළමනාකාර අධ්‍යක්ෂ, ගැවින්රෝ ඉන්ටර්නැශනල්; ෂිහාන් ද තිසේරා - මෙහෙයුම් ප‍්‍රධානී, ගවින්රෝ ඉන්ටර්නැශනල්; අනුප රණසිංහ - මූල්‍ය පාලක, ගැවින්රෝ ඉන්ටර්නැශනල්; HDY මධුභාෂිණි - විකුණුම් සහ අලෙවිකරණ සම්බන්ධීකාරක, ගැවින්රෝ ඉන්ටර්නැශනල්.