October, 11, 2017
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 02 සඳහා අවශ්‍ය කෙටි රෝද කෲ කැබ් රථ 50ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 185.6ක මුදලකට සතොස මෝටර්ස් පී.එල්.සී. ආයතනය වෙතද, දිගු රෝද කෲ කැබ් රථ 15ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 56.5ක මුදලකට යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. ආයතනය වෙතද ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Video Story