විදුලිබල මණ්ඩලයට ADB වෙතින් ඩොලර් මිලියන 30ක්

    October, 22, 2024

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද සන්දර්භය සැලකිල්ලට ගනිමින් මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීම හා පසු ඉදිකිරීම් කටයුතු සඳහා සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය අරමුණු කරගත් අනුපූරක ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සඳහා සුළු වියදම් මූල්‍යනය පහසුකම් යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් (නිත්‍ය) ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.
    ඒ අනුව, එම ණය මුදල භාණ්ඩාගාර ඇපකර යටතේ වාරික 02කින් සෘජුවම ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.