November, 1, 2024
2024 වර්ෂයේ මුල් මාස 06 තුළ රාජ්‍ය ව්‍යවසායයන් 52 ක කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් වී තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මෙය අන්තර්ගතව ඇත.
එහි සඳහන් වන පරිදි රජය සතු ව්‍යවසායයන් 52 ක් විසින් 2024 මුල් මාස 06 තුළ වාර්තා කර ඇති සමස්ත ලාභය රු. මිලියන 280,674 කි. ඒ සඳහා වැඩිම දායකත්වය ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබී ඇති අතර රු. මිලියන 119,209 ක ලාභයක් මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇත. ඊට අමතරව සේවක භාරකාර අරමුදල (රු. මිලියන 30,182), ලංකා බැංකුව (රු. මිලියන 22,373), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (රු. මිලියන 20,706), ශ්‍රී ලංකා වරාය අධිකාරිය (රු. මිලියන 19,823) හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (පුද්) සමාගම (රු. මිලියන 17,324) ඉහළ ලාභදායීත්වයක් වාර්තා කර ඇති සෙසු රාජ්‍ය ව්‍යවසායයන් හා දෙපාර්තමේන්තු අතර පෙරමුණේ වේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිම පාඩුවක් ලබා ඇති ආයතනය වේ.
2024 මුල් භාගයේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභදායීත්වය රු. මිලියන 13,707 ක් වන අතර මෙම වාර්තාවේ සඳහන් පරිදි එය 2024 අප්‍රේල් - ජූනි කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇත.
මේ පිළිබඳ සම්පූර්ණ සටහනක් පහතින් දැක්වේ.
Video Story