March, 25, 2014
අප ඊයේ සවස වාර්තා කළ පරිදි සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය කරන මෝටර් රථ මෙරට වඩාත් ප්‍රචලිත කිරීමට සහාය අපේක්ෂාවෙන් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය ඊයේ පස්වරුවේදී මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පැවැත්වීය.
මෙම සාකච්ඡාවේදී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙන්නේ මෙම මෝටර් රථ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දිරිගැන්වීම සඳහා රජයේ සහාය ලබාදෙන ලෙසයි.
මේ අනුව, විදුලි මෝටර් රථ ගෘහස්තව සූර්යාලෝකය මගින් ආරෝපණය කිරීමට අවශ්‍ය උපකරණ මිලදීගැනීමට බැංකුවක් හරහා සහන පොලී ණය යෝජනා ක්‍රමයක් පාරිභෝගිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා තිබේ.
මීට අමතරව, රාත්‍රි 11 ත් උදෑසන 05 ත් අතර කාලයේදී විදුලි මෝටර් රථ ආරෝපණය සඳහා සහන විදුලි ගාස්තුවක් ක්‍රියාත්මක කරන ලෙසත් රටපුරා සිපෙට්කෝ පිරවුම්හල් 50 ක විදුලි මෝටර් රථ ආරෝපණය කරන ස්ථාන පිහිටුවීම සඳහා සහාය ලබාදෙන ලෙසත් සංගමයේ නියෝජිතයින් මෙහිදී ඉල්ලා ඇත.
එසේම, සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා දැනට තිබෙන සියයට 38 ක ආනයන බද්ද සියයට 10 ක් දක්වා අඩුකරන ලෙසත් මෙම මෝටර් රථ සඳහා වාර්ෂික ආදායම් බලපත්‍රයද සහනදායී මිලකට ලබාදෙන ලෙසත් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය ඉල්ලා තිබේ.
කෙසේවෙතත්, අප වෙත අනාවරණය වන්නේ මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරීන් විසින් මෙම යෝජනාවලිය පිළිබඳව පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
Video Story