විදුලි මුසුව වෙනස් වෙයි

    August, 18, 2014

    දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදනය සමස්ත විදුලියෙන් සියයට 52 ක් දක්වා වර්ධනය වී තිබේ.

    අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා පැවසුවේ ගල් අඟුරු වලින් සමස්ත විදුලියෙන් සියයට 25 ක් මේ වනවිට නිපදවන නිසා විදුලිබල මණ්ඩලය භාවිතා කරන තෙල් වලින් නිපදවන විදුලිය මේ වනවිට අඩුවී තිබෙන බවයි.

    “පුද්ගලික බලාගාර තෙල් වලින් නිපදවන විදුලිය ඊයේ අපි ගත්තේ සමස්ත විදුලියෙන් සියයට 03 ක් තරම්  අඩු ප්‍රමාණයක්.“

    යනුවෙන් ගනේගල මහතා සඳහන් කළේය.

    පැවති නියඟය හේතුවෙන් මීට මාස තුනකට පෙර ලංකා විදුලි බල මණ්ඩලය විසින් ජලයෙන් නිපදවූයේ සියයට 15 ක් තරම් අඩු විදුලිය ප්‍රමාණයකුයි.

    අධික මුදලක් වැයකරමින් ඉන්ධන මගින් විදුලිය නිපදවනවිට විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවේ.