February, 16, 2015
නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථවල බදු වැඩිකර විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන (Charging Centers) රට පුරා පිහිටුවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍යංශය කියයි.
මේ ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමේදී පුද්ගලික අංශයද සහභාගී කර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල් සහ නිවාසවල මෙම ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමට අදහස් කර තිබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙන්නේ අලුයම 1.00 සිට 4.00 දක්වා විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේදී නව අයක්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි.
විදුලි මෝටර් රථ වලට අමතරව විදුලි දුම්රිය ලංකාවට හඳුන්වාදීම සඳහාත් අවධානය යොමුකර තිබෙන බව අමාත්‍යවරයා කියා ඇත.
අතුරු අයවැය මගින් විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවී තිබේ.
Video Story