විදුලි මෝටර් රථ වේගවත්ව ආරෝපණය කිරීමේ යන්ත්‍ර නිපදවීමට දේශීය සමාගමක් සූදානම්

    September, 28, 2015

    විනාඩි කිහිපයක් ඇතුළත විදුලි මෝටර් රථයක් ආරෝපණය කළ හැකි වේගවත් ආරෝපණ යන්ත්‍ර දේශීය සමාගමක් සමග එක්ව නිපදවීමට සූදානම් බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියයි.

    ඔහු පැවසුවේ වේගා (Vega) නැමති ශ්‍රී ලාංකේය සමාගම මේ සඳහා ඉදිරිපත් වී සිටින බවයි.

    “විදුලි මෝටර් රථ වේගයෙන් ආරෝපණය කරන යන්ත්‍රයක් සවි කිරීමට විශාල මුදලක් වැය වෙනවා. ආනයනය කරන මෙවැනි යන්ත්‍රවල මිලට අඩුවෙන් දේශීයව මෙවැනි යන්ත්‍ර නිපදවීමට මෙම සමාගම අප සමග එකතු වී සිටිනවා.“

    යනුවෙන් මෙරෙංචිගේ මහතා සඳහන් කළේය.

    මේ වනවිට, වාසනා ට්‍රේඩිං සමාගම විසින් මන්දගාමී ලෙස විදුලි මෝටර් රථ ආරෝපණය කරන යන්ත්‍ර 100 ක් දිවයින පුරා පිහිටුවා තිබෙන අතර එවැනි යන්ත්‍ර 06 ක් දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානයේ ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකාවේ මේ වනවිට විදුලි මෝටර් රථ ව්‍යාප්ත වෙමින් තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates