විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ආදායම රුපියල්වලින් වැඩිවුණත් ඩොලර්වලින් අඩුවෙලා

    May, 22, 2017

    2017 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා ආ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 261.4 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2016 මුල් කාර්තුවේ දී වාර්තා වූ රුපියල් බිලියන 258.1 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී සියයට 1.3 ක වර්ධනයකි.

    කෙසේ වෙතත් ඩොලර් වටිනාකම අනුව මෙම අගයෙහි සියයට 3.3 ක පහළ යාමක් වාර්තා වේ.

    මේ අතර 2017 මාර්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ රුපියල් බිලියන 97.3 සිට රුපියල් බිලියන 89.9 දක්වා යි.

    2017 මැයි 19 දිනය වන විට ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.8 කින් 2017 වසර තුළ දී අවප්‍රමාණය වී තිබේ.

    වසරේ මුල් කාර්තුව තුළ දී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් ලද ආදායම රුපියල් වටිනාකමින් සියයට 11.3 කින් වර්ධනය වී තිබෙන අතර එය ඩොලර් වටිනාකමින් වර්ධනය වී ඇති ප්‍රමාණය සියයට 6.1 කි.

    මේ පිළිබඳ තොරතුරු ඇතුළත් සටහනක් පහත් දැක්වේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික විවරණයෙන් උපුටා ගනු ලැබූවකි.

    Workers-Remittances-2017

    Video Story

    Stock Market

    Exchange Rates