November, 4, 2014
ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන කුඩා ජල විදුලි බලාගාර පවත්වාගෙන යන වැලිබල් පවර් එරත්න සමාගමේ දෙවැනි විශාලතම කොටස්කරුවා වන ඒෂියා එනර්ජි මැනේජ්මන්ට් සිස්ටම්ස් (Asia Energy Management Systems) නැමති විදේශීය සමාගම සියයට 21 ක්වූ සිය කොටස් හිමිකම රුපියල් බිලියනයකට ආසන්න මුදලකට අද උදෑසන විකුණා දමා තිබේ.
අප සමග අදහස් දක්වමින් වැලිබල් පවර් එරත්න සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නිමල් පෙරේරා මහතා පැවසුවේ මෙහිදී කොටසක් රුපියල් 6.60 ත් රුපියල් 5.50 ත් අතර මිලකට අලෙවි වූ බවයි.
මෙම සමාගම සතුව වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් මිලියන 160 ක් තිබූ අතර මෙම සම්පූර්ණ කොටස් ප්රමාණයම අලෙවිකර ඇත.
මේ අනුව, මේ වනවිට වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් මිලියන 175.77 ක් අලෙවි වී තිබෙන්නේ රුපියල් බිලියන 1.16 ක මිලකටයි.
Video Story