July, 4, 2016
රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ආයෝජන 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 15.4 ක ශුද්ධ ගෙවීම සමඟ සැසඳීමේ දී 2016 වසරේ පළමු කාර්තුවේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 572.3 ක ශුද්ධ ගෙවීමක් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
තවද රජය වෙත වූ දිගු කාලීන ණය 2015 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.5 ක ශුද්ධ ලැබීම සමඟ සැසඳීමේ දී 2016 පළමු කාර්තුව තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 116.1 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත.