October, 11, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (11) දිනයේ දීද වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 129.64 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,294.03 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 39.77 කින් ඉහළ ගොස් ඒකක 3,640.65 ක් ලෙසත් වාර්තා විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.30 කි. එහිදී රු. බිලියන 2 ක දේශීය මිල දී ගැනීම් හා රු. බිලියන 2.11 ක දේශීය විකිණුම් වාර්තා වී තිබේ. මේ අතර අඛණ්ඩව තෙවන දිනයටත් අද දිනයේ දී ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 292 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 184 ක් ලෙසින් සටහන්ව ඇත.
ඊයේ (10) දිනයේ දී රු. මිලියන 337 ක විදේශීය මිල දී ගැනීම් ප්රමාණයක් වාර්තා වාර්තා වූ අතර විදේශීය විකිණුම් රු. මිලියන 70 ක තරම් පහළ අගයයක් විය. ඊට පෙර දින, එනම් බදාදා (09) දිනයේ දී රු. මිලියන 363 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වූ පසුබිමක විදේශීය විකිණුම් රු. මිලියන 24 ක් තරම් ඉතා පහළ අගයයක පැවතුණි. ඒ අනුව මෙම දින 3 තුළ විදෙස් ආයෝජකයින්ගෙන් සැලකිය යුතු සක්රීය දායකත්වයක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලැබී ඇති බව පැහැදිලි වේ.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.
Video Story