විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් ගැන ජනපතිගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

    July, 1, 2024

    විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතව බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්රධානී සහ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.
    පසුගිය (28) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.