විදෙස් සංචිතවල සැබෑ තත්ත්වය මෙන්න

    March, 29, 2017

    2016 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.7 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර දළ නිල සංචිතවලින් හා තැන්පතු භාරගන්නා ආයතන සතු විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.2 කට සමාන වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.