July, 25, 2014
විදේශිකයින්ට ඉඩම් අලෙවි කිරීම තහනම් කිරීමට දකුණු අප්‍රිකානු රජය තීන්දු කර තිබෙන අතර වාර්තා වන්නේ මේ වනවිට ඔප්පු සහිත ඉඩම් හිමි විදේශිකයින්ගේ ඉඩම් නැවත අත්පත් කර නොගැනීමට මෙහිදී තීන්දු කර තිබෙන බවයි.
මෙම තීරණයේ අදහස වන්නේ විදේශිකයින් ඉඩම් මිලදී ගැනීම නතර කරමින් අවම වශයෙන් අවුරුදු 30 ක හෝ කල්බදු පහසුකම් මත ඉඩම් ලබාගැනීමට ඔවුන් යොමු කිරීම බව සඳහන්ය.
මේ වනවිට, දකුණු අප්‍රිකාව පාලනය කරන නෙල්සන් මැන්ඩෙලා පවා නායකත්වය දුන් අප්‍රිකානු ජාතික සංගමය (African National Congress (ANC)) එරට බහුතරයක් වන කළු ජාතිකයින් වසර සිය ගණනක පමණ කාලයක සිට මුහුණ දෙන ප්‍රශ්න විසඳීමේ අරගලයක නිරත වී සිටී.
මින් එක් ආසාධාරණයක් ලෙස සැලකෙන්නේ 1913 වසරේදී නීතිය විසින් එරට කළු ජාතිකයින්ට අයිතිකර ගත හැක්කේ දකුණු අප්‍රිකාවේ ඉඩම් වලින් සියයට 10 ක් පමණකැයි තීන්දු කිරීමයි.
වාර්තා වන ආකාරයට දකුණු අප්‍රිකාවේ ඉඩම් වලින් වැඩිම කොටස වගා කර තිබෙන්නේ සුදු ජාතික වාණිජ ගොවීන් විසින් වන අතර මේ වනවිට දකුණු අප්‍රිකාවේ ඉඩම් වලින් සියයට 07 ක් පමණම අයත් වන්නේ විදේශිකයින්ටයි.
Video Story