විදේශීය අධ්‍යාපන අවස්ථාවන්  වෙනුවෙන් සහාය දීම සඳහා කඳාන NDB බැංකු ශාඛාවේදී විශේෂ Education Expo වැඩසටහනක් පවත්වයි

    December, 31, 2025

    NDB බැංකුවේ කඳාන ශාඛාවේදී සුවිශේෂී Education Expo අධ්‍යාපන ප‍්‍රදර්ශනයක් පසුගියදා සාර්ථකව අවසන් කරන ලද අතර එය බැංකුවේ ප‍්‍රිවිලේජ් බෑන්කින් සහ ඉහළ ශුද්ධ වටිනාකම් සහිත ගනුදෙනුකරුවන් සඳහා විශේෂයෙන් පවත්වන ලදී. සීඝ‍්‍රයෙන් වර්ධනය වන විදේශ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ, ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් සඳහා, සාමාන්‍ය බැංකුකරණයෙන් ඔබ්බට යමින්, නැවුම් අත්දැකීම් ලබා දීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

    විදේශීයන් හි අධ්‍යාපනය හැදෑරීම ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන්ගෙන් ඉහළ ඉල්ලූමක් ඇති අංශයක් බවට පත්වීමත් සමඟ, ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා පිළිබඳ විශේෂඥ මඟ පෙන්වීමක් සේවාදායකයින්ට ලබා ගත හැකි කාලෝචිතව සකස් කළ වේදිකාවක් ලෙස මෙම Education Expo වැඩසටහන පත්වීය. වඩාත් පුළුල් හා පහසු අත්දැකීමක් ලබා දීම සඳහා, NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් අධ්‍යාපන උපදේශන ආයතනයක් වන International Scholar සමඟ හවුල් විය. එම ආයතනය එහි ශක්තිමත් ගෝලීය ජාලය සහ ලොව පුරා ප‍්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වෙත සිසුන් යොමු කිරීමේ විශේෂඥතාව සඳහා ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

    මෙම අවස්ථාවට  ඕස්ටෙ‍්‍රලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, කැනඩාව, සිංගප්පූරුව, මැලේසියාව සහ ඩුබායි ඇතුළු රටවල් හතක විශ්ව විද්‍යාල 20 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සම්බන්ධ විය. NDB බැංකුවේ ගනුදෙනුකරුවන් 60 කට වැඩි පිරිසක් අධ්‍යාපන ප‍්‍රදර්ශනයට සහභාගී වූ අතර, විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම්, අධ්‍යන වැඩසටහන්, ශිෂ්‍යත්ව, වෘත්තීය මාර්ගෝපදේශන සහ එම රට වල ඉඳුම් හිටුම් ආදිය සඳහා සහාය පිළිබඳ එක් එක් පුද්ගලයාට ගැළපෙන ආකාරයට උපදේශන ලබා ගනිමින්, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යයන අනාගතය පිළිබඳව වඩාත් බුද්ධිමත් තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව ලබා දෙන ලදී.

    මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රිවිලේජ් බැංකුකරණ අංශයේ ප‍්‍රධානී, සහකාර උප සභාපති ගිහාන් පුංචිහේවා මහතා පැවසුවේ මෙවැනි උත්සවයක් පැවැත්වීම මඟින් අර්ථවත් සම්බන්ධතාවයක් තුළින් සේවාදායක සබඳතා ශක්තිමත් කරන අතරම සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ඇති ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් සපුරාලන අද්විතීය සේවා සපයන්නෙකු ලෙස බැංකුවේ ස්ථානය නැවත තහවුරු කරන බවයි. විදේශ අධ්‍යාපනය සඳහා විධිමත් මූල්‍ය සහාය ලබා දෙන NDB බැංකුවේ වැඩිදියුණු කළ Student File සේවාව ද මෙම ප‍්‍රදර්ශනයේදී ඉස්මතු කර දැක්වූ අතර, ප‍්‍රිවිලෙජ් සහ ඉහළ ශුද්ධ වටිනාකම් සහිත ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ විශ්වාසදායක උපදේශන ලබා දීම සඳහා බැංකුවේ ඇති කැපවීම තවදුරටත් පෙන්නුම් කරන ලදී.

    මෙම වැඩසටහන සඳහා ලැබුණු සාර්ථක සහභාගීත්වය සහ ධනාත්මක ප‍්‍රතිචාර හරහා සේවාදායකයින් බැංකුව කෙරෙහි ඇති බැඳීම තවත් පුළුල් කිරීම සහ සහයෝගීතාවය සඳහා නව මංපෙත් නිර්මාණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. එය ප‍්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන සමඟ අනාගත හවුල්කාරිත්වයන් සඳහා මංපෙත් විවර කළ අතර, ඉහළ ශුද්ධ වටිනාකම් සහිත සහ නැගී එන නව පාරිභෝගික අංශ තුළ නව අභිලාශයන් සමඟ සම්බන්ධ වීමට NDB බැංකුව සඳහා ඇති අවස්ථා පුළුල් කළේය.

    කඳාන අධ්‍යාපන ප‍්‍රදර්ශනය වැනි මුලපිරීම් හරහා, පවුල් සවිබල ගැන්වීම, ප‍්‍රජාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ විදේශ අධ්‍යාපන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අනාගත පරම්පරාවට සහාය වීම සඳහා NDB බැංකුව සිය කැපවීම අඛණ්ඩව පෙන්නුම් කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2025 Asian Banking & Finance Retail Banking සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය පෞද්ගලික බැංකුව සහ වසරේ Islamic Banking Initiative සම්මානයෙන්ද පිදුම් ලැබීය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.