May, 13, 2014
අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 18.20 කින් පහළ ගොස් ඒකක 6,284.96 ක් වෙද්දී එස් ඇන්ඩ් පී 20 මිල දර්ශකය ඒකක 1.92 කින් පහළ ගොස් ඒකක 3,478.99 ක් විය.
ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල සියයට 0.9 කින් පහළ ගොස් රුපියල් 1070 ක්ද බුකිට් ඩාරා කොටසක් සියයට 1.5 කින් පහළ ගොස් රුපියල් 670 ක්ද ට්රාන්ස් ඒෂියා කොටසක් සියයට 5.2 කින් පහළ ගොස් රුපියල් 90 ක්ද වූ අතර දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 758 කි.
අද ගිවිසගත් කොටස් ගනුදෙනු වාර්තා වූ අතර සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 0.08 ක් එකක් රුපියල් 1250 ක් බැගින්ද, කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 0.25 ක් එකක් රුපියල් 129 ක් බැගින්ද, ගනුදෙනු විය.
වෙළඳ පොළ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූයේ රුපියල් මිලියන 148 ක දායකත්වයක් ලබාදුන් Shalimar Malay සමාගමයි. සෙලින්කෝ රක්ෂණ සමාගම රුපියල් මිලියන 106 කින්ද, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 54 කින්ද පිරිවැටුමට දායකත්වය දක්වා ඇත.
මේ අතර, පිරමල් ග්ලාස්, පී.සී.එච්. හෝල්ඩින්ග්ස් සහ විදුලංකා යන කොටස් සඳහා අද වැඩි ආයෝජක කැමැත්තක් දිස්විය.
අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් මිලදී ගනිමින් රුපියල් මිලියන 141 ක් වටිනා ශුද්ධ කොටස් මිලදී ගැනීමක් කර තිබේ. දිනයේ ගනුදෙනු සඳහා විදේශිකයින්ගේ සහභාගීත්වය 33% කි.
විදෙස් ආයෝජකයින් වැඩිපුර බැංකු අංශයේ කොටස් මිලදීගත් අතර කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 51 කද, ජාතික සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 34 කද, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 33 කද කොටස් මිලදී ගනිද්දී සම්පත් බැංකුවේ රුපියල් මිලියන 13 ක කොටස් විදේශීය ආයෝජකයින් විකුණා තිබේ.