විදේශීය බැංකු පහක් ලංකාවට එනහැඩ

    October, 2, 2015

    මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා විදේශීය බැංකු පහක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ඉල්ලා ඇතැයි අනාවරණය වේ.

    මෙම බැංකු පහ අතර චීනයේ සහ ජපානයේ විශාලතම බැංකු දෙකක්ද තිබෙන බව වාර්තා වන අතර මහ බැංකු අවසරය ලද පසුව මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට මෙම බැංකු සැලසුම් කර ඇත.