විදේශ වෙළඳපළට පිවිසීම පිළිබඳව දේශිය අත්කම් නිර්මාණ ශිල්පීන්ට විශේෂ වැඩසටහනක්

    September, 10, 2025

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ඉලක්කගත නිර්මාණ හරහා විදෙස් වෙළඳපොළ අත්පත් කර ගැනීම පිළිබඳව නිර්මාණ ශිල්පීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා කටුබැද්ද පිහිටි ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

    මොරටුව විශ්ව විද්‍යාලයේ සමෝදානික නිර්මාණ අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සිතුමින රත්නමලල මහතා විසින් සම්පත් දායකත්වය ලබා දුන් මෙම වැඩසටහන සඳහා උණ ලී නිර්මාණ, පිත්තල නිර්මාණ, පොල්කටු නිර්මාණ, සම් භාණ්ඩ නිර්මාණ හා බතික් නිර්මාණ යන ක්ෂේත්‍රවල නිරත ප්‍රවීණ ශිල්පීන් පනස් දෙනෙකු පමණ සහභාගි වූහ.

    මෙහි දී වෙළඳපළ ප්‍රවණතා හඳුනා ගැනීම, දේශීය ශිල්පීන්ගේ නිර්මාණ ශක්තිය වැඩිදියුණු කිරීම, නිෂ්පාදන භාවිතයේ හැකියාව වර්ධනය කිරීම, මිලකරණය හා ගෝලීය ගැනුම්කරුවන් වෙත ප්‍රවිෂ්ට වීම යන කරුණු පිළිබඳව ශිල්පීන් දැනුවත් කරන ලදී.

    මෙම වැඩමුළුව සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු, අධ්‍යක්ෂ එරංගි ප්‍රනාන්දු ඇතුළු ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.