May, 10, 2016
2016 ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2015 ජනවාරි මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 523.5 සිට ඩොලර් මිලියන 563.4 දක්වා 7.6% කින් වර්ධනය වී තිබේ. 2015 ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහත වැටීම මෙම වර්ධනයට යම් ප්‍රමාණයකට හේතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී.
කෙසේ වෙතත් පවත්නා අඩුතෙල් මිල සහ එමගින් මැදපෙරදිග රටවල ආදායම අඩු මට්ටමක පැවතීම විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් වූ ලැබීම් කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අදහසයි.
Video Story