March, 8, 2014
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ළඟදීම වැඩ ආරම්භ කිරීමට සූදානම් වන යෝජිත කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග නගරයට විදේශ සේවා නියුක්ති කාර්යංශය රැගෙන යාමට නියමිත බව අනාවරණය වේ.
අක්කර විසි පහක භූමියක සියළු පහසුකම් වලින් සපිරි නවීන නගරයක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි පසුගියදා අපි මුල් වරට හෙළි කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම නගරය ඉදිකළ පසුව එහි විදේශ සේවා නියුක්ති කාර්යංශය පිහිටුවීමට දැනටමත් තීරණය කර තිබෙන බවයි.
මීට අමතරව, තවත් රජයේ කාර්යාල කිහිපයක්ම මෙම නව නගරයට රැගෙන ඒමට සැලසුම් කර ඇත.
Video Story