April, 10, 2015
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වජිර විජේගුණවර්ධන පත්කර තිබේ.
මෙම තනතුර සඳහා කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නමද යෝජනා වී තිබුණු බව මීට පෙර වාර්තා විය.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය කලක පටන් හිස්ව තිබූ අතර ඒ සඳහා බඳවා ගැනීමට පසුගියදා දැන්වීම් පළකර තිබුණි.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා කලක් විනිමය කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර ඔහු 2013 වසරේදී ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුර පුරප්පාඩු වූ අවස්ථාවේ සිට එයට අදාළ වැඩකටයුතු සිදුකළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා මහතායි.
පසුගියදා රැස්වූ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණේ පුරප්පාඩු වී තිබෙන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින් සුදුස්සෙකු බඳවා ගැනීමටයි.
විනිමය කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වී තිබෙන වජිර විජේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති වශයෙන් පසුගියදා පත්වුණු හිටපු ක්‍රිකට් ක්‍රීඩක කපිල විජේගුණවර්ධන මහතාගේ සොහොයුරෙකි.
Video Story