January, 9, 2026
දේශීය විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් සැලකූ විට පසුගිය වසරේ දී නිවේදනය කළ පරිදි, පදනම් එතැන් විනිමය අනුපාතිකය හඳුන්වා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු 2025 වසර පුරා ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2026 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මනා විනිවිද භාවයකින් යුතු විදේශ විනිමය වෙළඳ පොළක් ඇති කිරීම සඳහා 2026 වසරේ දී එක් දින විදේශ විනිමය අනුපාතිකය හඳුන්වා දෙනු ලබන බවයි.
මෙම පදනම් විනිමය අනුපාතිකය වෙළඳ පොළ සහභාගිවන්නන් සඳහා මග පෙන්වීම, විචල්‍යතාව අවම කිරීමට සහාය වීම සහ නිශ්චිත දිනක දී වඩාත් තරගකාරී මිලකරණයක් ප්‍රර්වර්ධනය කිරීම සිදු කරනු ඇති අතර එමගින් විදේශ විනිමය වෙළඳපොළ තුළ වඩාත් නවීකරණය වූ නිෂ්පාදන හඳුන්වා දීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි.
එහි වැඩි දුරටත්සි දැක්වෙන්නේ සියලුම ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳ තරඟකාරීත්වය වඩාත් නිවැරදිව ග්‍රහණය කර ගැනීම සඳහා නාමික සඵල විනිමය අනුපාතික සහ මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශකවල පදනම් වර්ෂ යාවත්කාලීන කරනු ලබන බවයි.
Video Story