විවිධාංගිකරණය නිසා Huawei ලෝකයේ තුන්වන ස්ථානයට පත්වෙයි

    February, 1, 2016

    2015 වසර තුළ ස්මාර්ට්ෆෝන් බිලියන 1.4 ක් අපනයනය කරමින් Huawei හොඳම නැගී එන වෙළඳ නාමය බවට පත්වෙයි. ජාත්‍යන්තර වෙළඳ පළ සමීක්ෂණ ආයතනයක් වන IDC හි නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව 2015 වසරේ පමණක් ස්මාර්ට් ෆෝන් මිලියන 1432.9ක් නිපදවු Huawei එම වසර තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ එකම සමාගමයි.

    “සාමාන්‍යයෙන් Samsung සහ Apple අතර හුවමාරු වෙමින් තිබු ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ ප්‍රමුඛතාව තුළ Huawei ස්ථානගත වීම කෙටි කාලයක් තුළ ක්‍රමානුකූලව සිදුවු දෙයක් බව IDC හි ජ්‍යෙෂ්ට සමීක්ෂන කළමණාකරු මෙලිසා චාවු මහත්මිය සඳහන් කරයි. කාර්තුව පුරා මෙන්ම වසර පුරාවට ද Huawei සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ජාත්‍යන්තර වෙළඳ නාම අතරට එක්වී ඇති බව ද එම ආයතනය පෙන්වා දෙයි.

    ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ Huawei සතු අනන්‍ය ලක්ෂණයක් වන නිෂ්පාදන විවිධාංගිකරණය මෙම සාර්ථකත්වයට හේතුවී ඇති බවයි.මේ නිසා ජාත්‍යන්තර වශයෙන් Huawei නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත්, පසුගිය වසර තුළ නිපදවා ඇති ස්මාර්ට්ෆෝන් වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ චීනයෙන් පිටතට බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි. Huawei හි තරඟකරුවෙකු වන Xiaomi සිය නිෂ්පාදන වලින් 90% ක් පමණ චීනයට සීමා කර තිබේ.

    වසරින් වසර වර්ධනය සලකා බැලිමේදී Huawei ප්‍රථම තරඟකරුවන් 5 දෙනා අතර සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබේ.එය ප්‍රමාණාත්මකව 37% කි.