November, 4, 2015
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2015 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාවසායකයන්හට, ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ යටතේ, රබර් පර්යේෂණ ආයතනය හා එක්ව විවිධ ගම් වර්ග (types of adhesives) නිෂ්පාදනය කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට අපේක්ෂා කරයි.
දින 02 ක වැඩසටහනක් වන මෙම වැඩසටහන මගින් බහුවිධ කාර්යයන් සඳහා සොල්වන්ට් බේස් එන් ආර් (Solvent base NR), සපත්තු සෙරෙප්පු ඇලවීම සඳහා නියෝප්‍රීන් සොල්වන්ට් බේස් (Neoprene solvent base), වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ පර්යේෂණ විද්‍යාඥවරුන්ගේ භාවිතය සඳහා එන් බී ආර් ග්ලව් ගම් (NBR glove adhesive), ලී වර්ග ඇලවීම සඳහා පී වී ඒ (polyvinyl Acetate –PVA), ලියුම් කවර, පිට කවර වැනි දෑ සඳහා සෙල්ෆ් සීල් (self seal), පාසල් ළමුන්ගේ භාවිතය සඳහා පාසල් ගම් (school glue) පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන 2015 නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
සීමිත පිරිසක් මෙම වැඩසටහන් සදහා තෝරාගනු ලබන හෙයින්, 2015/11/10 දිනට පෙර ලියාපදිංචිය කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009 ,0713660033 යන දුරකථන අංකයට අමතා හෝ idbcolombo@gmail.com ට ඊමේල් පණිවිඩයක් මගින් ලබා ගත හැකි වේ.
Video Story