September, 27, 2016
1977 වකවානුවේ දී මෙරට ආර්ථික විවෘත කිරීමත් සමඟම ඇතැම් කර්මාන්ත ඊට මුහුණ දීමට නොහැකිව කඩා වැටුණු බව සඳහා DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා පැවසීය. TV දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
‘ලෝක වෙළෙඳපොළ ජයගත හැකි නව ව්‍යාපාරික පංතියක් අවශ්‍ය කර තිබේ‘ යන්න තේමා කර ගනිමින් මෙවර අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන පැවැත්වුණි.
මෙම සාකච්ඡා සභාව සඳහා DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ කුලතුංග රාජපක්ෂ, නේචර්ස් සීක්රට් අධිපති සමන්ත කුමාරසිංහ, ද කිංග්ඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ සහ උපායමාර්ග සංවර්ධන හා ව්‍යවසාය ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහත්වරුන් එක් වූ අතර වත්මන් ගෝලීය වෙළෙඳ අවකාශය තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින් ගේ සහභාගීත්වය එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=x-vOm3zVtDY&list=PLcwO5OebB2Em_hXT6VPsSFGN_6sVFv3ut