June, 27, 2016
පුද්ගලික අංශයේ තරගකාරිත්වය සඳහා පවතින බාධක ඉවත් කිරීම, විනිවිද භාවය හා රාජ්‍ය අංශයේ කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය මූල්‍ය චිරස්ථිතිය වර්ධනය කිරීම සඳහා අංශ තුනක් (03) යටතේ හඳුනාගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලාංකීය ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා යෝජිත වැඩසටහන සඳහා ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට සමාන ණය මුදලක් ලබාගැනීම සඳහා මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.