March, 17, 2025
ලෝක ග්ලෝකෝමා සංවිධානය පෙන්වා දෙන පරිදි ග්ලෝකෝමා යනු දෘෂ්‍ය ක්ෂේත්රයට හානි කරන නිදන්ගතව, ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන, දෘෂ්ටික ස්නායුව ආශ්රිත ආබාධයකි. අන්ධභාවයට දෙවන ප්‍රධාන හේතුව ග්ලෝකෝමා වන අතර එය ආපසු හැරවිය නොහැකි දෘෂ්ටි හානියක් සිදුකරන අක්ෂි දෝෂයකි. ලෝක ග්ලෝකෝමා සංවිධානයට අනුව, ලොව පුරා මිලියන 80 ක් පමණ ග්ලෝකෝමා රෝගයෙන් පෙළෙන අතර ග්ලෝකෝමා රෝගය ඇති පුද්ගලයින්ගෙන් 50% ක් පමණ තමන්ට මෙම රෝගය ඇති බවට හඳුනාගෙන නොමැත- ගෝලීය වශයෙන්, ග්ලෝකෝමා රෝගය වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ගේ පෙනන පරාසය (Visual Field) නැති වීමට ප්‍රධානතම හේතුවක් ලෙස සැලකේ. ග්ලෝකෝමා රෝගය මඟින්, පුද්ගලයෙකුගේ ඇස මොළයට සම්බන්ධ කරන දෘෂ්ටික ස්නායුවට හානි විය හැකිය. එය සාමාන්‍යයෙන් වේදනා රහිත වන අතර තරමක් වර්ධනය වන තුරු සැලකිය යුතු රෝග ලක්ෂණ නොපෙන්වයි- එබැවින්, ග්ලෝකෝමා රෝගය බරපතල අක්ෂි තත්වයක් ලෙස සලකනු ලැබේ. මුල් අවධියේදීම ග්ලෝකෝමා රෝගය පිළිබඳව අක්ෂි පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. කල් ඇතිව රෝග විනිශ්චය කිරීම, සැලකිලිමත්ව අධීක්ෂණය කිරීම සහ නිතිපතා ප්‍රතිකාර කිරීම මගින් පෙනීම සහ පෙනන පරාසය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
ග්ලෝකෝමා රෝගයට ගොදුරු වන පුද්ගලයින්, ග්ලෝකෝමා පිළිබඳ පවුල් ඉතිහාසයක්, පෙනීමේ දුර්වලතා, අක්ෂි ආබාධයක්, අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, අක්ෂි පීඩනය ඉහල අගයක පැවතීම, ලඟ හෝ දුර පෙනීම අඩු අය විය හැකිය.
යම් පුද්ගලයෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමවේදය වන්නේ නිතිපතා පවත්වන මූලික අක්ෂි පරීක්ෂාවයි. විෂන් කෙයා වෙතින් ග්ලෝකෝමා රෝගී තත්ත්වය හඳුනා ගැනීම හා එහි පැවැත්ම සම්බන්ධයෙන් අවශ්‍ය වන විවිධ පරීක්ෂණ වර්ග කිහිපයක් සිදු කරයි.
දශක 03 ක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම සහ එම සේවා ලබාදීමට කටයුතු කරයි. එමෙන්ම සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව සලසා තිබේ.
Video Story