August, 13, 2025
අද (13) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 2.71කින් ඉහළ ගොස් ඒකක 19,975.50ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 10.92කින් පහළ ගොස් ඒකක 5,815.64ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 105ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 105ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි.
එහි දී සිලෝන් ටොබැකෝ කම්පැනි, ඩයලොග් ආසියාටා, HNB, ඩිජිටල් මොබිලිටි සොලූෂන් ලංකා සහ ෂෙව්රෝන් ලුබ්රිකන්ට්ස් යන සමාගම්, සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක් දායකත්වයක් ලබා දී තිබූ අතර සම්පත් බැංකුව, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, හේලීස්, කොමර්ෂල් බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් වලින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ලැබී තිබුණේ සෘණාත්මක් දායකත්වයකි.
අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.46ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.90ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.40 ක් ලෙසින් සටහන් වී තිබුණි.
විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 566ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 68ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
Video Story