විසිවසරකට පසු KLM ලංකාවට එයි

    May, 3, 2016

    එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට සිය ශිශිර කාලසටහනට (winter schedule) අනුව ඇමස්ටර්ඩෑම් සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කරන බව KLM රාජකීය ඕලන්ද ගුවන්සේවය නිවේදනය කර සිටී.

    මේ අනුව පළමු ගුවන් යානය ඔක්තෝබර් 31 දින ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිතය.

    අවසාන වරට KLM ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 1997 වසරේ දීය. මෙරට පැවති යුධමය වාතාවරණය නිසා සිය සේවා අත්හිටුවීමට KLM ගුවන්සේවය එකල පියවර ගනු ලැබීය.

    2016 ඔක්තෝබර් 16 වැනිදා සිට සතියකට දින දෙකක් සඳුදා සහ සිකුරාදා නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් Schiphol ගුවන්තොටුපළේ සිට KLM ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කරන අතර අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල දී ඒවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට නියමිතය.