වීවා Do More, Wish More තුළින් පාරිභෝගිකයින්ට ස්මාට් ජංගම දුරකතන සමගින් රීලෝඞ්

    March, 14, 2014

    අලූත් අවුරුදු සමයේ GSK සමාගමේ මෝල්ටඞ් ආහාරමය පානයක් ලෙසින් ප‍්‍රචලිත ප‍්‍රමුඛතම සන්නාමයක් වන වීවා සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කරයි.

    ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හදුන්වා දුන් වීවා පැකට් මිලදී ගනිමින් අලූත් අවුරුදු සමයේ කි‍්‍රයාත්මක මෙම ‘‘පැතුම් වාසි“ නවතම ප‍්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වීම සදහා පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවේ. සෑම පාරිභෝගිකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙත ජයග‍්‍රහණය උදාකර ගැනීමේ අවස්ථාව පවතින අතර ත්‍යාග වශයෙන් රුපියල් ලක්ෂ 70ක ඩයලොග් රීලෝඞ් සහ K35 ස්මාට් ජංගම දුරකථන 100ක් දිනා ගැනීමේ අවස්ථාව ද හිමිව පවතී. සියලූ ත්‍යාග වල වටිනාමක රුපියල් මිලියන 7කට අධික වේ.

    “සාම්ප‍්‍රදායික තෑගි රටාවෙන් වෙනස්ව පාරිභෝගිකයින්ගේ රුචිකත්වයට අනුව කි‍්‍රයාත්මත වීවා පැතුම් වාසි ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සෑම පාරිභෝගිකයින් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකුටම ජයග‍්‍රහණ හිමිකර ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.’’ යනුවෙන් GSK හි පෝෂණ කාණ්ඩ කළමණාකරු දර්ශන ජයසිංහ මහතා පැවසීය.

    “වීවා පැතුම් වාසි“ යනුවෙන් ප‍්‍රවර්ධන වැඩසටහනට පිළිබද සදහන් කර ඇති ග‍්‍රෑම් 400 පැකට්ටුවේ පවතින සූරන කාඞ්පතෙහි සදහන් දිනුම් අවස්ථා උරගා බැලීමෙන් පාරිභෝගිකයින්ට දිනුම් ඇදීම සදහා එක්විය හැකිය.

    ප‍්‍රවර්ධන වැඩසටහන 2014 මාර්තු මස 01 වැනිදා සිට ජුනි මස 30වැනිදා දක්වා කි‍්‍රයාත්මක කෙරේ. ප‍්‍රමුඛතම දුරකථන සන්නිවේදන ජාලයක් වන ඩයලොග් ආසිආටා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සදහා වීවා සමගින් එක්ව සිටියි. තරගයට ඇතුළත්ව රීලෝඞ් ජයග‍්‍රහණය කරන ජයග‍්‍රාහක- ජයග‍්‍රාහිකාවන්ට 123 අමතා ඔවුන්ගේ රීලෝඞ් වටිනාකම හිමිකර ගැනීමටත්, ඩයලොග් ස්මාට් ජංගම දුරකථන ජයග‍්‍රාහක-ජයග‍්‍රාහිකාවන්ට ආසන්නතම ඩයලොග් ආකේඞ් මධ්‍යස්ථනයෙන් තමන්ට හිමි ත්‍යාගය ලබා ගැනීමටත් හැකියාව පවතී.