May, 5, 2016
ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන වෙන්චර් එන්ජින් විසින් එළඹෙන ජුනි 29 වනදා කොළඹදී පැවැත්වීමට සූදානම් වන අති උත්කර්ශවත් අවසාන මහා තරගය සඳහා ආරම්භක ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීමේ ලොව ප්‍රමුඛතම අරමුදලක් වන ‘500 startups’ සමග වෙන්චර් කැපිටලිස්ට්ස් (venture capitalists) යනුවෙන් හඳුන්වන ඉහළ පෙළේ ආයෝජකයින් මෙන්ම ඒන්ජල් ඉන්වෙස්ටර්ස් යනුවෙන් හඳුන්වන ආයෝජකයින් ගණනාවක් සහභාගී වනු ඇත.
‘500 startups’ යනු ලොව ප්‍රමුඛතම වෙන්චර් කැපිටල් කාරක ප්‍රාග්ධන අරමුදලක් මෙන්ම ආරම්භ ව්‍යාපාරවල වර්ධනය වේගවත් කරන්නෙකි. මෙම අරමුදල විසින් ඩොලර් මිලියන 200 ක වත්කම් කළමනාකරණය කරන අතර මේ දක්වා ආරම්භක තාක්ෂණ ව්‍යාපාර 1300 කට වැඩි ප්‍රමාණයක මුදල් ආයෝජනය කර තිබේ.
ඒන්ජල් ඉන්වෙස්ට්මන්ට් නැමති ආයෝජනවල තිඛෙන ප්‍රධාන වැදගත්කම වන්නේ මෙම ආයෝජන ව්‍යාපාරය ආරම්භයේදීම ලබාගත හැකිවීමත් මෙම ආයෝජකයින් මෙම ආරම්භක ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා උපදේශනය සහ අරමුදල් මෙහිදී ලබාදීමයි. ව්‍යාපාර ආරම්භයේදී ඉතාමත් අත්‍යවශ්‍ය මෙම සහයෝගය ලබාදීම සඳහා මෙම ආයෝජකයින්ට ලබාදිය යුතු වන්නේ අදාළ ආරම්භක ව්‍යාපාරවල සුළුතර කොටස් ප්‍රමාණයක් පමණි. මෙවැනි ආයෝජකයින් මෙම ආරම්භක ව්‍යාපාර වලට මුල සිටම හවුල්වීම මගින් මෙම ව්‍යාපාර ආරම්භ කළ පුද්ගලයින්ට ඒවා තනිවම හොඳින් පවත්වාගෙන යාම සඳහා ශක්තිය ලබාදෙන අතර සාර්ථකත්වයේ සංස්කෘතිය මුල් අදියරේදීම නිර්මාණය කරනු ලබයි. මෙම ආරම්භක ව්‍යාපාර ඉතාමත් ඉක්මනින් සාර්ථකත්වයට පත්වුවහොත් මෙම ආයෝජකයින්ට මෙම ව්‍යාපාර වලින් ඉවත්වීමේ අවස්ථාව මෙහිදී නිර්මාණය කර තිබීම කැපී පෙනේ.
ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන වෙන්චර් එන්ජින් නියෝජනය කරනු ලබන්නේ ඉතාමත් කැපවීමෙන් වැඩකරන උපදේශක කණ්ඩායමක් සහ අරමුදල් ලබන ආරම්භක ව්‍යාපාර කණ්ඩායමකුයි. මෙහි උපාය මාර්ගික පාර්ශ්වකරුවා වන ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් (Lankan Angel Network) විසින් ‘ඒන්ජල් ආයෝජකයින් සොයා බලන්නේ මොනවාද?‘, ‘මුල් අවධියේ ව්‍යවසායකයින්ට ලබාදෙන සහයෝග‘, ‘ව්‍යවසායකයින්ට ලැඛෙන ප්රතිලාභ‘, ‘ආයෝජකයින්ට ලැඛෙන ප්රතිලාභ‘, ඇතුළු විවිධ මාතෘකා ඔස්සේ මේ වනවිට වැඩමුළු පවත්වයි. මෙම වැඩමුළු කොළඹ 04 පිහිටි ලන්කන් ඒන්ජල් මධ්‍යස්ථානයේ පවත්වන අතර මොරටුව විශ්ව විද්‍යාලය, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM), තොරතුරු තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය (SLIIT), පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළු මෙරට ප්‍රමුඛතම අධ්‍යන ආයතන මේ සඳහා සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබේ.
‘වෙන්චර් එන්ජින්‘ පස්වන සාංවත්සරික අදියර සඳහා මේ වනවිට ව්‍යාපාරික සැලසුම් භාරගන්නා අතර මැයි 11 වනදා දක්වා ව්‍යාපාර සැලසුම් ලබාදීමට අවස්ථාව හිමිවේ. මෙම අධ්‍යාපනික වැඩමුළු මගින් වෙන්චර් එන්ජින් 2016 වැඩසටහන සඳහා සුවිශාල සවිබලයක් සපයනු ලබයි. මැයි 11 වනදා ව්‍යාපාරික සැලසුම් භාර ගැනීමෙන් පසුව තෝරාගන්නා කණ්ඩායම් වලට ව්‍යාපාරයන් මනාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යහ ක්‍රමවේදයන් උගන්වන මෙම වැඩමුළු වලට සහභාගීවීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව, විශේෂ ව්‍යාපාරික අදහස් පිළිබඳව මෙම එක් එක් කණ්ඩායම් වලට වෙන වෙනමම උපදේශනය ලබාදීමද මෙම වැඩමුළු වලදී සිදුවේ.
මෙහි අදහස් සම්පාදක බ්ලු ඕෂන් වෙන්චර්ස්, ඉන්ඩියන් ඒන්ජල් නෙට්වර්ක් සමග සම්බන්ධව ‘වෙන්චර් එන්ජින්‘ ක්‍රියාත්මක වන අතර උපාය මාර්ග සම්පාදකයා වන්නේ ලන්කන් ඒන්ජල් නෙට්වර්ක් වේ. මෙහි ප්ලැටිනම් අනුග්‍රාහකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස්, ඔරායන් සිටි, ඩයලොග් සහ ආවිශ්කාර් සපයන අතර මෙහි දිරි බලය ජර්මානු රජයට අනුබද්ධ KfW සංවර්ධන බැංකුව සපයයි.
මේ පිළිබඳව බ්ලු ඕෂන් වෙන්චර්ස් සමාරම්භ ප්රජීත් බාලසුබ්රමනියම් මහතා මෙසේ අදහස් දැක්වීය. “අපි ඉදිරිපත් කළේ වර්ධනය පිළිබඳ ඒකායන දැක්මත්, ක්ෂේත්රයට අදාළ ව්‍යවසාය පළපුරුද්දත් පමණයි. අනිකුත් පාර්ශ්ව වලින් අපව වෙනස් වන්නේ මේ නිසයි. ඕනෑම හොඳ ව්‍යාපාරික අදහසක් තිඛෙන අයෙකුට වෙන්චර් එන්ජින් 2016 සඳහා ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කරන ලෙස අපි ආරාධනා කරනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට මෙය හොඳ අවස්ථාවක් වන අතර මේ තුළින් සමහරවිට ඔබගේ ව්‍යාපාරික අදහස ජාත්‍යන්තරයටත් රැගෙන යා හැකියි“.
“ශ්‍රී ලංකාවේ ඒන්ජල් ආයෝජකයින්ගේ පද්ධතිය නිර්මාණය කර තිඛෙන්නේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තරවත් සිය ව්‍යාපාර පුළුල් කිරීමට හැකිවන ලෙසයි. අපගේ අරමුණ වන්නේ අපගේ ආරම්භක ව්‍යාපාර සඳහා ඉතාමත් හොඳම ප්රතිඵලයන් ලබාදීම වන අතර 500 Startups, Asian Business Angel Forum, UK Business Angels Association, Australian Association of Angel Investors, Singapore Angel Network ඇතුළු ගෝලීය ආයතන සම්බන්ධ කරමින් පිරිසිදු අරමුදල් (smart money) සඳහා මෙම ව්‍යාපාර වලට ප්‍රවේශයක් ලබාදීමට අපි කටයුතු කරනවා. මෙමගින් සීමා කිරීමකින් තොරව සත්‍ය වර්ධනයක් ලබාගත හැකියි“. යනුවෙන් බාලසුබ්රමනියම් මහතා සඳහන් කළේය.
සත්‍ය ප්‍රතිඵල ලබාගැනීමේ දැක්මකින් යුතු ‘වෙන්චර් එන්ජින්‘ 2012 වසරේ සිට මෙරට ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය සියළුම අවස්ථාවන් සම්පාදනය කළ අතර මෙහිදී විශේෂයෙන්ම ශක්තිමත් ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට, විගණන කටයුතු වලට, පාලන කටයුතු වලට, අලෙවිකරණයට, නීති කටයුතු වලට, බඳවා ගැනීමේ කටයුතු වලට සහ වෙනත් කටයුතු වලට උපදේශනය ලබාදෙන ලදී. මේ සඳහා කළාපයේ ප්‍රමුඛතම ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් කිහිප දෙනෙකුගේම දායකත්වය ලැබුණි.
මේ දක්වා ‘වෙන්චර් එන්ජින්‘ සහයෝගය ලැබීමෙන් දේශීය නවෝත්පාදකයින් සමග මෙරට සමාගම් 20 කට වැඩි ප්‍රමාණයක් සාර්ථකත්වයට පත්වී තිඛෙන අතර Takas.lk, Trekurious, OMAK Technologies, Ridgecrest (tickets.lk), Saraii (eco-village), Extrogene, Nithya, Katha, Wild Trails (eco-adventure), House of Lonali, Glitteray, Threadsol (IntelloCut), Lanka BPO Academy, MyWish (weddings), Push Skateboards, Healthy Living, Zacki Herbal Products, Zigzag.lk, Endemic and 24-7 Techies, මේ අතර සිටී. මෙම ව්‍යාපාර සඳහා මෙම වැඩසටහන මගින් උපදේශනය සැපයීමට අමතරව පසුගිය වසර 04 ක කාලය පුරා සපයා තිඛෙන අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 06 කට අධික වේ.
නව අදහස් සහ ව්‍යාපාර ආරම්භයට සේම දියුණුව අපේක්ෂා කරන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලූම් පත්‍ර www.ventureengine.lk හරහා භාරගැනීම මේ වනවිට සිදුවන අතර ඉල්ලූම් පත්‍ර භරගැනීම 2016 මැයි 11 මධ්‍යම රාත්‍රියෙන් අවසාන වේ.
Saraii Village නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී, චරිතා අබේරත්න හෙට්ටිආරච්චි මහත්මිය තොරතුරු තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට (SLIIT) ඉදිරිපත් කිරීමක් කරමින්.
Video Story