වෙනිසියුලා උණුසුම මැද ලෝක රන් මිල අදත් ඉහළට

    January, 6, 2026

    අද (06) උදෑසන 7 වන විට ලෝක රන්මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හදිසි මිල ඉහලයාම

    ඇමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂාකාරී වත්කම් වෙත විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසින් රත්‍රං සඳහා ඇති වී තිබෙන ඉහළ ඉල්ලුම හමුවේ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ.

    මෙම තත්ත්වය තුළ ලෝක රන්මිල තව දුරටත් අස්ථාවර ලෙස ඉහල යාමට ඉඩ ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

    මින් පෙර ලෝක රන්මිල 2025 දෙසැම්බර් 26 වන දින ඩොලර් 4,549.71 ක වාර්තාගත ඉහළම අගයකට ලගා විය.