වෙළඳසේවා වොලිබෝල් අවසන් මහා තරඟ වලට බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායම් හතරක්

    November, 21, 2016

    වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් නොවැම්බර් 25 වනදා සහ 27 වනදා පවත්වන වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් හය අතුරින් ඇඟලූම් අපනයනයේ මෙරට ප‍්‍රමුඛතම සමාගම වන බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් සමාගම් නියෝජනය කරමින් කණ්ඩායම් හතරක් තේරීපත් වී තිබෙන අතර ඒ තුළින් සමූහයේ ඉහළ ක‍්‍රීඩාශීලීත්වය පිළිඹිබු වේ.

    2016 තරඟාවලියේ මූලික වටයේ තරඟ වලදී බ‍්‍රැන්ඩික්ස් සමූහය තබාගත් ආධිපත්‍යය අවසානය දක්වාම එලෙසම රඳවා ගනිමින් පිරිමි සහ කාන්තා සුපිරි ලීගයේ අවසාන මහා තරඟ සඳහා බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායම් දෙකක්, පිරිමි ශුරතාවය සඳහා බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායමක් සහ පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශුරතාවය සඳහා බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායමක් තේරී පත්වී තිබේ.

    සමූහය ක‍්‍රීඩාව සමග ඉතාමත් තදින් බැඳී පවතින බව පෙන්නුම් කරමින් සමූහයේ තවත් කණ්ඩායම් දෙකක් මෙම තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වලදී කාන්තා සුපිරි ලීගයේ තෙවන ස්ථානයත් ’ඒ’ කාණ්ඩයේ තුන්වන ස්ථානයත් දිනා ගැනීමට සමත්විය.

    2016 වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟ අතරට තේරී පත්වූ බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායම් අතරට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් (පිරිමි සුපිරි ලීගය), බ‍්‍රැන්ඩික්ස් ග‍්‍රීන් ප්ලාන්ට්-සීදූව (කාන්තා සුපිරි ලීගය), බ‍්‍රැන්ඩික්ස් Athleisure - පොලොන්නරුව (පිරිමි ශුරතාවය) සහ බ‍්‍රැන්ඩික්ස් Athleisure- කටුනායක (පිරිමි ‘ඒ’ කාණ්ඩය) අයත් වේ.

    මෙම තරඟ වලදී තුන්වන ස්ථානය දිනාගත් බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායම් වූයේ බ‍්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් 02- මීරිගම (කාන්තා සුපිරි ලීගය) සහ බ‍්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන්- අවිස්සාවේල්ල (කාන්තා ‘ඒ’ කාණ්ඩය) යන කණ්ඩායම්ය.

    මෙම වසරේ තරඟාවලියේ මූලික වටයේ තරඟ සඳහා මෙරට වෙළඳසේවා අංශය නියෝජනය කරමින් කණ්ඩායම් 88 ක් සහභාගී විය.

    2012 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ අපනයනකරු ලෙසින් සම්මානයට පාත‍්‍රවී ඇති බ‍්‍රැන්ඩික්ස් සමූහය මෙරට අපනයන අංශයේ වැඩිම රැුකියා සම්පාදක සමාගම ද වේ. සමූහය විසින් තම සාමාජිකයින් වෙනුවෙන් වාර්ෂිකව ‘රසදිය කුසලානය’ නමින් වොලිබෝල් තරඟාවලියක් පවත්වන අතර මෙරට පුද්ගලික සමාගමක් විසින් පවත්වන විශාලතම වොලිබෝල් තරඟාවලිය ලෙසින් මෙය සැලකේ.


    කාන්තා සහ පිරිමි සුපිරි ලීග අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ සීදුව බ‍්‍රැන්ඩික්ස් ග‍්‍රීන් ප්ලාන්ට් කණ්ඩායම (ඉහළ) සහ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායම.