January, 8, 2016
භාණ්ඩ ආනයන හා අපනයනයට අදාළ රේගු නිෂ්කාශනය හා රටවල්වල දේශසීමාවල දී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි කවදුරටත් කඩිනම් හා පහසු කිරීමේ අරමුණින් යෝජිත වෙළෙඳ පහසුකම්කරණ ගිවිසුමේ අවසන් කෙටුම්පත 2013 දෙසැම්බර් මාසයේ දී සම්මත කර ගන්නා ලදී. ඒ ඉන්දුනීසියාවේ පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ 09 වැනි අමාත්‍ය සමුළුවේදීය.
එම ගිවිසුම ලෝක වෙළෙඳ සංවිධානය ස්ථාපිත කරනු ලැබ ඇති මරකේෂ් ගිවිසුමට (Marrakesh Agreement) ඇතුළත් කිරීම පිණිස එම සංවිධානයේ සාමාජිකයින් විසින් 2014 නොවැම්බර් මාසයේ දී සංශෝධිත සන්ධාන ගිවිසුම සම්මත කරගන්නා ලද අතර එකී ගිවිසුම සාමාජික රාජ්‍යයන් විසින් වලංගුගත කළ යුතු වේ.
නාවුක වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමේ දී රේගු සහ ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ අනෙකුත් කාර්යපටිපාටි විධිමත් ලෙස පවත්වා ගෙන යාම අතිශයින් වැදගත් වන බැවින් මෙකී ගිවිසුම වලංගුගත කිරීම සඳහා කැබිනට් මණඩල අනුමැතිය හිමිව තිබේ.