වෙළෙඳ හා සංචාරක ප්‍රවර්ධනයට ජෝර්ජියාව සමඟ අවබෝධතා ගිවිසුමක්

    July, 27, 2016

    ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර දේශපාලන මෙන්ම ආර්ථික, වෙ‍ළෙඳ, විද්‍යාත්මක, තාක්ෂණික, සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.

    මේ අතර ඇති කරගනු ලබන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශකත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට 2016 අගෝස්තු 3-4 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මට්ටමේ සාකච්ඡා අතරතුරදී අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.