වෝටර් ගාඩ්න්ස්. සීගිරි ළඳුන් පාමුල ඉහළ සංචාරක අත්දැකීමක්

    July, 29, 2014

    වාද්දූවේ බ්ලූ වෝටර් හෝටලය අයත් Union Resorts & Spa Ltd සමාගම විසින් “වෝටර් ගාඩ්න්ස්“ නමින් හෝටලයක් සීගිරිය ප්‍රදේශයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබේ.

    මෙම හෝටලය මගින් ඉලක්ක කර තිබෙන්නේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සංචාරක අත්දැකීමක් ලබාදීමයි.

    මෙහි සුපිරි පහසුකම් වලින් පිරි සංචාරක බංගලා 30 ක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන අතර මේ සඳහා රුපියල් මිලියන 650 ක පමණ ආයෝජනයක් කිරීමට සූදානම් වේ.

    ව්‍යාපෘතියේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ චන්න දාස්වත්ත මහතායි.