February, 8, 2015
රොහාන් සමරජීව විසිනි.
ජංගම දුරකතන පාවිච්චි කරන්නන් මත ප්‍රතිගාමී සහ තාක්ෂණ-විශේෂිත බද්දක් පැනවීම සම්බන්ධයෙන් 2007-08 පරිච්ඡේදයේදී ලර්න්ඒෂියා ආයතනය ඵලදායී විවාදයකට දායක විය. සෑම ජංගම දුරකතන සම්බන්ධතාවයක් මතම මසකට රුපියල් 50 ක බද්දක් අයකිරීමේ යෝජනාවක් පාර්ළිමේන්තුව වෙත ඉදිරිපත්කරනු ලැබින. මෙම යෝජනාව ඡන්ද විමසීම පිණිස ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී එවකට සිටි තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා වූ රවුෆ් හකීම් මහතා යෝජිත බද්ද මාසික බිලෙන් සියයට 10 ක් බවට පත්කිරීම සඳහා සංශෝධනයක් ඉදිරිපත් කළේ එවැනි නියත බද්දකින් දිළිඳු ජනතාවට අසාධාරණයක් සිදුවන බව අප විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලැබූ තර්කයේ ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම අවස්ථාවේදී එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කබීර් හෂීම් මහතා මෙසේ පවසා තිබිනි: “මේවාගේ බදු කෙටුම්පත් ගෙනෙන්න අද උත්සාහ කරනවා. ලර්න්ඒෂියා කියන පර්යේෂණ ආයතනයේ මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රුපියල් 50 ප්‍රතිපායන බද්දට විරුද්ධව ඊයේ පෙරේදා කතා කලා. එක්සත් ජාතික පක්ෂයත් මේ තර්කය දිගටම ගෙනගියා. අද හවස් වනවිට ගරු ඇමතිතුමා රුපියල් 50 ඉවත් කරනවා නම් අප සතුටු වනවා.”
මාස කිහිපයකට පසුව මෙම බද්ද ස්ථාවර දුරකතන සම්බන්ධතාවයන් මතද පනවන ලද හෙයින් එහි වූ තාක්ෂණ-විශේෂිත ලක්ෂණය අහෝසි විය. මේ අවස්ථාවේදී ලර්න්ඒෂියා ආයතනය රජයේ එම ක්‍රියාමාර්ගය පැසසුවේය.
ජංගම දුරකතන සේවා සපයන සෑම සමාගමක් මතම එක්වරක් පමණක් අයකෙරෙන රුපියල් මිලියන 250 ක බද්දක් සිය "දින සියයේ විප්ලවය"ප්‍රකාශය තුළ නව මුදල් අමාත්‍යවරයා විසින් යෝජනාකර තිබේ. ඒ හැරුණුවිට 'රීලෝඩ්' කෙරෙන වටිනාකම් මත දැනට අයකෙරෙන සියයට 25 ක බද්ද ද දුරකතන පාරිභෝගිකයා වෙත සම්ප්‍රේෂණය කිරීමෙන් තොරව සමාගම විසින් අවශෝෂණය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.
"වෙළඳපොළ හැසිරීම වෙනස් වුවහොත් හැර එම බද්ද අයකරන්නේ එක් වරක් පමණයි. එය එක් වරකට සීමාකරන බවට අප වග බලාගන්නවා" යනුවෙන් ඇමතිවරයා විසින් පසු අවස්ථාවකදී ප්‍රකාශ කළ බව වාර්තා විය. මෙම වාර්තාව සත්‍ය නම්, ජංගම දුරකතන සමාගම් ඇමතිවරයා බලාපොරොත්තුවන ආකාරයට නොහැසුරුණහොත් එකී බද්ද ස්ථිර එකක් වියහැකි බවට ව්‍යංග තර්ජනයක් ඇමතිවරයාගේ ප්‍රකාශය තුළ අඩංගුවී ඇති බව පෙනේ.
මුදල් අමාත්‍යංශය විසින් 2007-2008 කාලයේදී වැරදි ආදායම් යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ජංගම දුරකතන ක්ෂේත්‍රය පිළිබඳව සහ එය ජනතාවගේ ජීවිත මත ඇතිකරන බලපෑම පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙනි. ජංගම දුරකතන භාවිතය පිළිබඳව සහ දිළිඳු ජනතාව විසින් එම සේවය ලබාගැනීම පිණිස ගෙවනු ලබන සුළු මුදල් ප්‍රමාණයන් පිළිබඳව පර්යේෂණ හරහා ලබාගත් සාක්ෂි අත ඇතිව සිටි ලර්න්ඒෂියා ආයතනයට එම කරුණු විෂයභාර ඇමතිවරයා සහ විපක්ෂ කථිකයන් වෙත සංනිවේදනය කිරීමේ හැකියාව තිබින. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම බද්දෙහි පැවති ප්‍රතිගාමී ලක්ෂණය ඉවත්කිරීමට පමණක් නොව එහි වූ තාක්ෂණ-විශේෂිත ස්වභාවයද අහෝසිකිරීමට හැකිවිය.
අද පවතින තත්ත්වය යටතේ නිළ වශයෙන් සංනිවේදන කටයුතු භාර අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයේ නැතත් ශ්‍රී ලංකාවේ අනාගතයට බෙහෙවින් වැදගත් වන කර්මාන්තයක් මත අතීතයට බලපාන පරිද්දෙන් සහ තාක්ෂණ-විශේෂිතව බදු පැනවීමෙන් සිදුවන අනර්ථය වටහා ගැනීමට සමත් පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලය තුළ සහ ඉන් පිටත පාර්ලිමේන්තුවේ සිටිති. එහෙයින්, සාක්ෂි සලකා බලා 2007 වර්ෂයේදී සිදුකළ පරිද්දෙන් සුදුසු සංශෝධනයන් සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
බද්ද, ජංගම දුරකතන සේවා සපයන්නන්ට අවශෝෂණය කරගැනීමට පවසන්නේ ඇයි?
ජංගම දුරකතන ක්ෂේත්‍රය මත වරින් වර විවිධාකාරයේ බදු පනවමින් ගතකල 2007-2009 පරිච්ඡේදය අවසානයේ බදු මත බදු පැටවීමේ ක්‍රමය සරල කිරීමට රජය කටයුතු යෙදීය. ජංගම දුරකතන සේවාව, 2011 වර්ෂයේදී වැට් බද්දෙන් නිදහස් කරන ලද අතර පිරිවැටුම් බද්දට යටත් කරන ලදී. සියයට 20 කින් ඇරඹුණු මේ බද්ද ක්‍රමයෙන් සියයට 25 දක්වා ඉහළ නැංවින. මෙම බද්ද ජංගම දුරකතන සේවා සපයන්නන් විසින් පාරිභෝගිකයින්ගෙන් එකතු කර රජයට සම්ප්‍රේෂණය කරනු ලැබින. ගෙවූ වැට් බදු වලින් හිලව් කරගැනීමට හැකියාව අහිමිවූ දුරකතන සමාගම් වලට මෙය වැඩි බරක් විය. නමුත් එය පාරිභෝගිකයාගේ පැත්තෙන් වාසිදායක වෙනසක් විය.
රටේ ජංගම දුරකතන පාරිභෝගිකයින්ගෙන් සියයට 90 ක් පෙර ගෙවුම් සබඳතාවන් පාවිච්චිකරන්නන් වෙති. අතුරු අය වැය ලේඛනය තුලින් ආණ්ඩුව දුරකතන සමාගම්වලට කියා සිටින්නේ මේ අය විසින් කරනු ලබන රීලෝඩ් මත පැනවෙන සියයට 25 බද්ද තමන් විසින් අවශෝෂණය කරගන්නා ලෙසය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් පසු ගෙවුම් සබඳතා සම්බන්ධයෙන් වෙනස් අයුරින් ක්‍රියා කිරීමේ තර්කානුකූලබව කුමක් ද යන්නය. ජංගම දුරකතන ගාස්තු අඩුකිරීමේ හදිසි අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට තිබේද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිළිබඳ විශේෂඥ ආයතනය වන ITU හෙවත් ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමය විසින් නිකුත් කරන ලද විශ්වසනීය වාර්තාවක් වන Measuring the Information Society 2014මෙසේ පවසයි. " අඩුම මිල සහිත පෙරගෙවුම් ජංගම දුරකතන ගාස්තු පවතින්නේ ආසියා හා ශාන්තිකර කලාපයන්හිය. මේ අතරින් ශ්‍රී ලංකාව (මසකට අමෙරිකානු ඩොලර් 0.95 හෙවත් මිලදී ගැනීමේ හැකියාව මත පදනම් වූ මිල (ක්‍රයශක්ති සාම්‍යය) ඩොලර් 2.6) සහ බංගලාදේශය (මසකට අමෙරිකානු ඩොලර් 1.41 හෙවත් මිලදී ගැනීමේ හැකියාව මත පදනම් වූ මිල (ක්‍රයශක්ති සාම්‍යය) ඩොලර් 4) අඩුම පෙරගෙවුම් දුරකතන ගාස්තු ඇති රටවල් ලෙස කැපී පෙනේ"
දළ ජාතික නිෂ්පාදන ඒක පුද්ගල ආදායමේ ප්‍රතිශතයක් වශයෙන් ගත්කල ලෝකයේ ශ්‍රී ලංකාවට වඩා අඩු ජංගම දුරකතන ගාස්තු පවතින්නේ මකාවෝ, හොංකොං, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව සහ පින්ලන්තය යන රටවල පමණකි. ජාත්‍යන්තර සංසන්දනයන් නොතකා හරිනු ලැබුවත් අපේ ජංගම දුරකතන ගාස්තු අඩු මට්ටමක පවතින්නේය යන අදහස මේ රටේ පවතී. ජංගම දුරකතන ගාස්තු දැනට පවතිනවාටත් වඩා අඩුකරන ලෙස ජනතා ඉල්ලීමක් තිබේද? නැති ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කිරීමට ඇති ගාය කුමක්ද?
ක්ෂේත්‍රයේ ආයෝජන වලට වන බලපෑම කුමක්ද?
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගාස්තු ඉතා පහළ බවට සමහර ආයෝජකයින් අතර මතයක් පවතී. එහෙයින් එම ක්ෂේත්‍රය දියුණුකිරීම සඳහා ආයෝජන අඩුබව සමහර විශ්ලේෂකයෝ පවසති. ලර්න්ඒෂියා ආයතනය මේ මතය නොදරන නමුත් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල භාවිතය ඉහළ නැංවීම උදෙසා ආයෝජන වාතාවරණය වැඩිදියුණුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බව අපි එකඟවෙමු. මෙහිදී අවධානය යොමුවියයුතු කරුණු අතර ප්‍රධාන වන්නේ රටේ ජංගම දුරකතන ජාලවලින් ඉපදවෙන දත්තවලට ජාත්‍යන්තර ජාලයට ඇතුළුවීමට සහ පිටවීමට දැරිය යුතුවන පිරිවැය පහළදැමීම, උත්පතන සහ අවපතන කාර්යසාධනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීම, මෙහිදී ප්‍රමාදයන් ඇතිවීම වැලැක්වීම සහ නවමු අන්තර්ගතයන් සහ යෙදුම් ඉදිරිපත්කරන්නන්හට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීම වැනි කරුණුය.
ඉහත සඳහන් කරන ලද ගැටළු වලින් සමහරක් නියාමන තත්ත්වයන් දියුණුකිරීම හරහා විසඳාගත හැකිවනු ඇත. නමුත් මෙහිදී වඩාත්ම වැදගත්වනු ඇත්තේ ක්ෂේත්‍රය තුළ යෙදවෙන ආයෝජනයන් ඉහළ නැංවීමය. නමුත්, ජංගම දුරකතන සේවා සපයන්නන් වෙත පමණක් අතීතයට බලපාන පරිද්දෙන් බදු නියමකිරීම මගින් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එයින් සිද්ධවන්නේ ආයෝජන පිලිබඳ තීරකයින් පසුබැස්වීමයි. කොටස් බහුතරයක් රජයේ හිමිකාරිත්වය යටතේ පවතින මොබිටෙල් සමාගමෙහි හැරුණුවිට අනෙකුත් ජංගම දුරකතන සේවා සමාගම් සියල්ලේ අයිතිය පවතින්නේ වෙනත් රටවල ද ජංගම දුරකතන සේවා සැපයුම් කටයුතු සිදුකරන සමාගම් අතය. අතුරු අයවැය මගින් ඉදිරිපත් කරන ලද ආකාරයේ අත්තනෝමතික යෝජනාවලින් සිදුවනු ඇත්තේ මේ රටේ තොරතුරු සහ සංනිවේදන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යව පවතින ආයෝජන යෙදවීමට ආයෝජකයින් අධෛර්ය කරවා එම ආයෝජන වෙනත් රටවල් වෙත හරවා යැවීමය.
තමන් විසින් දැනට ගෙවනු ලබන බදු සේවා සපයන්නා විසින් අවශෝෂණය ගැනීම හරහා සාමාන්‍ය දුරකතන පහසුකම් භාවිත කරන්නන්ට තාවකාලික ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. නමුත්, ආයෝජන සිඳී යාම හේතුවෙන් සේවාවන්හි ගුණාත්මකබව පහළවැටීමේ අහිතකර ප්‍රතිඵල නොබෝ කලකින්ම අත්විඳින්නට සිදුවන්නේ ද ඔවුන්ටමය.
රජයයන් තාක්ෂණයන්ට හෝ සමාගම්වලට විශේෂ අනුග්‍රහ දැක්වීම සුදුසුද?
කිසිදු රජයක් විසින් විශේෂිත තාක්ෂණයන්ට හෝ සමාගම්වලට අනුග්‍රහ නොදැක්විය යුතුය යන්න පිළිගත් මතයකි. එසේ කළහොත් වෙළඳපොළ ක්‍රියාදාමයන් විකෘති වනු ඇති අතර අයුතු ප්‍රයෝජන ලබාගැනීම උදෙසා දූෂිත දේශපාලකයින්ට සහ නිලධාරීන්ට අවස්ථා නිර්මාණය වෙනු ඇත. සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාව වනුයේ දුරක සිටින පුද්ගලයින් සමග කතා කිරීම හෝ අන්තර්ජාලය භාවිත කිරීමය. ඒ සඳහා භාවිත වන්නේ කවර තාක්ෂණයක් ද යන්න පිළිබඳව ඔවුන්ගේ තැකීමක් නැත. සමහර සේවා සපයන්නන් සිය සේවා රැහැන් රහිතව සපයන අතර අනෙකුත් අය රැහැන් හරහා සේවා සපයති. ඒ තීරණවලට මුදල් ඇමැතිවරයාගේ දායකත්වයක් අනවශ්‍යයය.
නමුත්, අතුරු අයවැය නොසෑහෙන අයුරින් තාක්ෂණ විශේෂිතව කටයුතු කර තිබේ. ජංගම දුරකතන සේවා සපයන්නන් සහ සේවාවන් මත බදු සහ බැඳීම් පටවන රජය ස්ථාවර දුරකතන සේවා සපයන්නන්ට අත නොතබයි. චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් 50,000 කට අධික සංඛ්‍යාවකට සේවා සපයන මෙහෙයුම්කරුවන් බදු පටවන අයවැය එම සේවයම සැපයීමට යොදාගන්නා වෙනත් තාක්ෂණයන් එයින් නිදහස් කරයි.
මේ අයුරින් බලන කල මේ බද්ද පනවන ලද්දේ පසුගිය ජනාධිපතිවරණ කාලයේදී පොදු අපේක්ෂකයා පෙනී සිටි වැඩසටහනක ප්‍රචාරය කරන අවස්ථාවේ සේවය නිශ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදීමක් වශයෙන්දැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ තිබේ. නමුත්, රැහැන් රහිතව එම සේවයම සපයන පියෝ රූපවාහිනිය ද මේ අවස්ථාවේදී වැඩ සටහන නිශ්ක්‍රීය කල නමුත් රුපියල් මිලියනයක දඬුවම් බද්දක් එම සමාගමට පනවා නැත. වගකිවයුතු ආණ්ඩුවකින් අප බලාපොරොත්තු වන්නේ නිශ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකිරීම මිස අයවැය මුවාවෙන් සමාගම්වලට දඬුවම් බදු පැනවීම නොවේ.
ජංගම දුරකතන සේවා සපයන්නන්ට දඬුවම් බදු පැනවීම සාධාරණද?
ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සේවා සංවර්ධනය වූයේ රටේ යුද්ධය පැවති කාලසීමාව තුලදීය. රටතුල පැවති අහිතකර වාතාවරණය සේවා සපයන්නන් අධෛර්යකිරීමට සමත් නොවුනු අතර සටන් විරාමය පැවති කාලයේදී යාපනය අර්ධද්වීපයෙහි පවා මෙම ක්ෂේත්‍රය තුළ ආයෝජනයන් සිදුකරන ලදී. මේ හරහා නූතන දැනුම ආර්ථිකයට එක්වී කටයුතුකිරීමට අප ජනතාවට අවස්ථාව ලැබින. මේ සියල්ල සිදු කැරුණේ පෞද්ගලික ආයෝජන මගින් මිස අපගේ මුදල් යට කිරීමෙන් නොවේ. ලර්න්ඒෂියා ආයතනය විසින් 2014 වර්ෂයේදී පර්යේෂණ ප්‍රකාශන 7000 කට අධික සංඛ්‍යාවක් පදනම් කර සිදුකරන ලද සවිස්තරාත්මක ක්‍රමික සමාලෝචනය හරහා, ජංගම දුරකතන ජාල නිසා පවතින ධනාත්මක ආර්ථික ප්‍රතිලාභ නියත වශයෙන්ම ඔප්පු කරන ලදි.
එහෙයින්, ජංගම තාක්ෂණයට විශේෂිත වන බදු පැනවීම අපට කිසිසේත් එකඟවිය නොහැකි කරුණකි.
මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීම පිණිස අමතර ආදායම් අවශ්‍යයැයි රජය තර්ක කරනු ඇත. නමුත් කිවයුත්තේ, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ගෙවන ලද සංඛ්‍යාවත ගාස්තු සහ අනෙකුත් ගාස්තු හැරුණුවිට 2013 වර්ෂයේදී විදුලිසංදේශ බද්ද හරහා පමණක් රුපියල් බිලියන 24.5 ක දායකත්වයක් රජයට ලබාදුන් ජංගම දුරකතන කර්මාන්තය මත දඬුවම් බදු පැනවීම අහිතකර ප්‍රතිඵල ගෙන එන අදූරදර්ශී කටයුත්තක් බවයි. උපයන විට ගෙවීමේ (PAYE) බද්ද විසින් ලබාදුන් මුළුමහත් ආදායමට වැඩි ආදායමක් 2013 වර්ෂයේදී විදුලිසංදේශ බද්ද විසින් රජයේ ඉපයීම්වලට එක්කරනු ලැබිනි.
ජංගම ජාල ඔස්සේ සැපයෙන අන්තර්ජාල සහ සාමාන්‍ය සේවා පහසුකම් යනු සමස්ත සමාජයේම යහපත සඳහා හේතුවන සේවාවන් වන නිසා ඒවා ධෛර්යමත් කළයුතුය. මුදල් ඉපයීම අවශ්‍ය නම් කළයුත්තේ අනෙකුත් භාණ්ඩ සහ සේවා වලට කරන ආකාරයෙන්ම බදුවලට යටත් කිරීම මිස, ඒවාට වැඩියෙන් හෝ අඩුවෙන් බදු පැනවීම නොවේ. නමුත්, වඩාත්ම වැදගත් කරුණවන්නේ දැනුම ආර්ථිකයක් බවට පත්වීම උදෙසා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තොරතුරු සහ සංනිවේදන ක්ෂේත්‍රයේ යෙදවෙන ආයෝජන අධෛර්ය කරවන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමයි.
Video Story