ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ශ්‍රී ලංකාවේ සංචාරයක

    January, 25, 2016

    තමන් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අදහස් කර සිටින බව ලොව ප්‍රමුඛ පෙළේ ධන කුව්රයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් කියා සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමිනි.

    ශ්‍රී ලංකාවේ නව රජය යටතේ ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා තමන් මෙරට සංචාරය කිරීමට අදහස් කරන බව ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    ලන්ඩනය මූලික කරගත් වර්ජින් සමූහයේ නිර්මාතෘවරයා වන මොහු සතු ධනස්කන්ධයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වෙකැයි වාර්තා වේ.


    ස්විස්ටර්ලන්තයේ ඩාඩොස් නුවර දී ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාව

    Video Story

    Stock Market

    Exchange Rates