ශ්‍රීලංකන්ට ආයෝජකයෙකු සොයයි

    July, 7, 2016

    දැනට පාඩු ලබන තත්ත්වයේ පසුවන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවා සඳහා මූලෝපායික ආයෝජකයින් කැඳවීම සඳහා ගනුදෙනු උපදේශකයින් ලෙසින් BNP Paribas සහ KMPG පත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

    මෙම ගනුදෙනුවේ කළමනාකාරවරයා ලෙසින් ගනුදෙනු කරනු ලබන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ NSB Fund Management අරමුදල් කළමනාකරණ අංශයයි. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්කරනු ලැබූ දැන්වීමක් හරහා මේ බව සඳහන් කර තිබෙන අතර ජූලි 27 වන දින දක්වා ආපසු නොගෙවන ඇමරිකානු ඩොලර් 5,000 ක ගාස්තුවක් යටතේ ඒ සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකිවේ.

    මෙම අර්පණය අගෝස්තු 24 වන දින අවසන් වීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates