ශ්‍රීලංකන් ගුවන් තරණ රක්ෂණ ඔප්පු සහ රක්ෂණ සේවා කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට

    July, 22, 2025

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා 2025‑08‑11 සිට 2026‑08‑10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ ඔප්පු 04ක් ලබා ගැනීම සඳහා සහ 2025‑08‑11 සිට 2028‑08‑10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ.

    ඒ සඳහා ලංසු තුනක් (03) ඉදිරිපත් කර ඇත.

    ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තු Sri Lanka Insurance Corporation General Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.