ශ්‍රීලංකන් ගුවන් සමාගම චෙන්නායි වෙත නැවත ගුවන් ගමන් අරඹයි

    December, 8, 2015

    ශ්‍රීලංකන් ගුවන් සමාගම චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින (දෙසැම්බර් 8 වැනිදා) නැවත විවෘත කිරීමත් සමග එහි ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත. ඒ අනුව අද දින කොළඹ සිට චෙන්නායි වෙත UL127 සහ UL128 දරණ ගුවන් යානා මගින් ගුවන් ගමන් සිදුකිරීමට නියමිතයි.

    ඒ අනුව දෙසැම්බර් මස 8 වැනිදා ශ්‍රිලංකන් ගුවන් සමාගමේ UL 127 දරණ එයාර්බස් A330 ගුවන් යානාව කොළඹින් පැය 1345 ට පිටත්වි චෙන්නායි වෙත පැය 1605 වේලාවෙන් පැමිණිමටත් නැවත කොළඹ වෙත පැය 1725 පැමිණිමටත් නියමිත ය. (මෙම ගුවන් කාල සටහන දේශිය වේලාවෙන් සදහන් කර ඇත.)

    වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය දුරකථන අංකය වන +9419 733 1979 හා සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැක.