ශ්‍රීලංකන් ගුවන් සේවයේ ටෝස්ට්මාස්ටර්ස් සමාජය සිය 23 වැනි විශිෂ්ටත්ව සංවත්සරය සමරයි

    September, 10, 2025

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ (SriLankan Airlines Toastmasters Club) 23 වැනි වාර්ෂික නව නිලධාරී පත් කිරීමේ උත්සවය පසුගියදා කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල් (SriLankan Aviation College) පරිශ්‍රයේදී පැවැත්විණ.

    නව විධායක කමිටුවේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ  ඉහළම ගෞරවනීය සම්මානය වන "Golden Gavel" සම්මානය හිමිකර ගැනීමයි.

    23 වැනි වාර්ෂික නව නිලධාරීන් පත් කිරීමේ උත්සවයට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ ආරම්භකයා වන හිටපු මානව සම්පත් ප්‍රධානී සුනිල් දිසානායක ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර H කලාපීය හා දිස්ත්‍රික් 82 හි අධ්‍යක්ෂ හර්ෂණ ප්‍රනාන්දු, H4 කලාපීය අධ්‍යක්ෂ නිපුන් එදිරිසිංහ සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම ටෝස්ට්මාස්ටර්ස් සමාජවල සභාපතිවරුන්, සාමාජිකයින් සහ ගුවන් සමාගමේ වත්මන් ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සාමාජිකයින් ද ඇතුළ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.