February, 18, 2025
දීර්ඝ කාලයක් තිස්සේ සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ සේවා පහසුකම් ලබ ගන්නා "සලාම් එයාර්" සමාගමට අයත් A321neo ගුවන් යානාවක මූලික නඩත්තු කටයුතු නියමිත දිනට පෙරාතුව සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයට හැකි වුනා.
මෙහි දී ගුවන් යානයේ දකුණු පැත්තේ ප්‍රධාන ගොඩබෑම් ගියරයේ (main landing gear) හි ප්‍රධාන කොටසක් (seal) ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය, තෙවන පාර්ශවීය මූලික නඩත්තු සේවා සපයන්නකු ලෙස කලාපය තුළ විශ්වසනීය ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින අතර, කලාපයේ බොහෝමයක් ගුවන් සේවා සිය ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වෙත පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, www.srilankanengineering.com වෙත පිවිසෙන්න.




Video Story