November, 21, 2024
2024 නොවැම්බර් 20 වැනි දින සිංගප්පූරුවේ පැවති “FTE APEX Asia Expo” හි දී මධ්‍යම/දකුණු ආසියාවේකලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා විනෝදාස්වාද සඳහා වූ “2025 APEX Best Entertainment” සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත්විය. ගුවන් සමාගම් 600 කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම APEX සම්මාන සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ලබාදීම සිදු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 APEX ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් (Four Star Major Airline) ලෙස අඛණ්ඩව අටවැනි වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් මෙම සම්මානය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය."මෙම කලාපයේ හොඳම ගුවන් සේවා විනෝදාස්වාදය ඇති ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් විසින් ඇගයීමට ලක් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. විවිධ අංගයන් එකතු කිරීම ඔස්සේ මගීන්ගේ ගුවන් ගමන් අත්දැකීම වඩාත් සුවපහසු කර ඇත, ගුවන් ගමන අතරතුර දී මගී තෘප්තිය ඉහළ නැංවීමට විනෝදාස්වාදය සඳහ වූ අංගයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඒ සඳහා, අප අන්තර්ගත කර ඇති විශේෂාංගයන් මගී තෘප්තිය ඉහළ නැංවීම සඳහා ඉතා ක්‍රමවත්ව සකස් කර ඇති අතර, මගීන්ට ඔවුන්ගේ ගමන පුරා විනෝදාස්වාදය ලබා දෙන බවට සහතික කර ඇත."
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි විනෝදාස්වාද අංගයන් (Inflight Entertainment - IFE) නවතම හොලිවුඩ් බ්ලොක්බස්ටර් මෙන්ම ශ්‍රී ලංකාව , දකුණු ආසියාව සහ අනෙකුත් කලාපීය ජනප්‍රියතම චිත්‍රපටවලින් සමන්විත වේ. ක්‍රියාදාම, හාස්‍ය, නාට්‍ය, වික්‍රමාන්විත, සජීවිකරණ, ළමා, සංගීතමය, විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රීඩා ඇතුළු විවිධ පරාසයන් ආවරණය වන පරිදි ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් තමන්ගේ රුචිකත්වය අනුව තෝරාගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව ජාත්‍යන්තර ජනප්‍රිය ගීතවල සිට දේශීය සම්භාව්‍ය ගීත ඇතුලත් 100 කට අධික ගීත ඇල්බම් අතුරින් තමන් කැමති සංගීත රසවිඳීමට ද හැකියාව ලැබේ.
සෑම ගුවන් ගමනක් අතරතුරදිම මගීන් වෙත සුවපහහු අත්දැකීමක් ලබා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ කැපවීම මෙම ගෞරවනීය සම්මානයෙන් පිළිබිඹු වේ. මධ්‍යම/දකුණු ආසියාවේ හොඳම මැදිරි සේවාව සහ හොඳම Wi-Fi සඳහා වන 2022 මගී තේරීම් සම්මානය, මධ්‍යම/දකුණු ආසියාවේ හොඳම ආහාර සහ බීම සහ හොඳම ආසන පහසුව සඳහා 2023 APEX මගී තේරීම් සම්මානය, “SriLankan Flavours” සඳහා 2024 IFSA Best Inflight Food or Beverage Innovation සම්මානය සහ මධ්‍යම/දකුණු ආසියාවේ හොඳම Wi-Fi සඳහා 2024 APEX Passenger Choice සම්මානය ඇතුලු සම්මාන රැසක් හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය.
ඡායාරූපය : ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම්, APEX/IFSA හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජෝ ලීඩර් වෙතින් FTE APEX Asia Expo හිදී මධ්‍යම/දකුණු ආසියාවේ 2025 APEX හොඳම විනෝදාස්වාද සම්මානය පිළිගනී.
Video Story