December, 3, 2019
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience Asia Awards 2019 ගෝලීය සම්මාන උළෙලේ දී මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ “මධ්‍යම ආසියාවේ හොඳම වයි-ෆයි” සම්බන්ධතාවය සදහා වන සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “APEX වෙතින් තවත් සම්මානයක් ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙය අපගේ Wi-Fi සේවාවන් පිළිබඳව මගීන්ගේ අව්‍යාජ ප්‍රතිචාරයකින් පසු ලැබුණු සම්මානයක්. ඒ නිසාම මෙම සම්මානය අපට වඩාත් සුවිශේෂියි. අපගේ මගීන් අපට ලබා දී ඇති පිළිගැනීම අපි අගය කරනවා . ”
2019 නොවැම්බර් මස 13 වන දින මරීනා බේ සැන්ඩ්ස් එක්ස්පෝ සහ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේ දී පැවති මෙම Future Travel Experience Asia ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙම සම්මානය ලබා ගත්තේය. එම අවස්ථාවේදීම, ශ්‍රීලංකන් ගුවන් සමාගමට ‘Four Star Major Airline 2020’ නිල ගුවන් ශ්‍රේණිගත කිරීම නැවත පිරිනමන ලද අතර එය මේ වසර මුලදී ලොස් ඇන්ජලීස් හි පැවති APEX EXPO හිදී හිමිවන ලදී.
ඇපෙක්ස් (www.apex.aero) යනු ලොව එකම ලාභ නොලබන සාමාජික වෙළඳ සංගමය වන අතර එය ගුවන් කර්මාන්තයේ ප්රමුඛ පෙළේ ගුවන් සමාගම්, ගුවන් සැපයුම්කරුවන් සහ අදාළ සමාගම් එකතු වූ ජාලයක් වන අතර එය සමස්ත ගුවන් මගී අත්දැකීම් වැඩිදියුණු කිරීමට කැපවී සිටී. එහි ප්‍රධාන කාර්යාල එක්සත් ජනපදය, යුරෝපය, චීනය, මැද පෙරදිග, ඉන්දියාව සහ අග්නිදිග ආසියාවේ පිහිටා ඇත.
ශ්‍රීලංකන් Wi-Fi සේවාවන් සපයනු ලබන්නේ ගුවන් සේවා අභන්තර සම්බන්ධතා හවුල්කරු වන SITAONAIR විසිනි, අපගේ මගීන්ට අන්තර්ජාලයට සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන වලින් පහසුවෙන් ඇමතුම් ලබා ගැනීමට එමගින් ඉඩ සලසයි.
ඔවුන් නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් සහ ඇපෙක්ස් මගී තේරීම් සම්මාන නිර්මාණය කරනු ලබන්නේ තෙවන පාර්ශවීය මගී අත්දැකීම් පදනම් කර ගනිමින් සහ ඇපෙක්ස් හවුල්කාරිත්වය තුළින් රැස් කරගත් අවබෝධය මත ය. තරු පහේ පරිමාණයක් භාවිතා කරමින්, ලොව පුරා ගුවන් සමාගම් 600 කට ආසන්න සංඛ්‍යාවක මගීන් විසින් ගුවන් ගමන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් තුළ සිදු කර ඇති ශ්‍රේණිගත කිරීම් වෘත්තීය බාහිර විගණන සමාගමක් විසින් ස්වාධීනව සහතික කරනු ලබයි .
ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 වසරේ දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ (SATA) දී අඛණ්ඩව තුන්වන වරටත් දකුණු ආසියාවේ ‘ප්රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස (‘Leading International Airline’ in South Asia ) සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “ප්රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය” (‘Leading Airline Passenger Class – Business’) ලෙස නොකඩවා තුන්වන වරටත් සම්මානයට පාත්‍ර විය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards 2018 Asia and Australasia ) “2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය”සඳහා සම්මානයක් ද “ 2018 වසරේ ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා වන සම්මාන දිත්වය ද හිමිකර ගැනීමට සමත්විය. එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ ) සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 58 ගමනාන්ත 130 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.