August, 5, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමියන් සමග පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි 28 සිට අගෝස්තු 01 දක්වා පැවති මෙම සාකච්ඡාවල දී බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම සමඟ අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා රජය සහ ශ්‍රීලංකන් ගුවන්සේවය සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ මෙය තීරණාත්මක ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් වන අතර මේ දක්වා S&P Global Ratings ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නොදැමීමට, ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් නිකුත් කර ඇති මෙම බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කර නොතීබීම හේතු වී ඇත.
මෙම ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අදාළ බැඳුම්කර හිමියන්ගේ යෝජනා සහ ශ්‍රී ලංකාවේ පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර සැලකිය යුතු වෙනස්කම් පැවතීම හේතුවෙන් මෙලෙස අවසන් එකඟතාවයකට පැමිණීමෙන් තොරව අදාළ සාකච්ඡා අවසන් වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
සිංගප්පූරු කොටස් වෙළඳපොළට කරන ලද නිවේදන පහත දැක්වේ.




Video Story