ශ්‍රීලංකන් වෙබ් අඩවියෙන් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්

    November, 28, 2019

    ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් මෙම සිකුරාදාට යෙදෙන Black Friday හෙවත් සාප්පු සවාරි සහ සේල් සඳහා සුවිශේෂී දිනයක් වන 'කලු සිකුරාදා' සමරමින්, ගමනාන්ත 37 සඳහා සිය වෙබ් අඩවිය (www.srilankan.com) ඔස්සේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් අතිවිදීමට අවස්තාව සලසා දී ඇත.

    මෙසේ මිලදී ගන්නා ටිකට්පත්, පෙබරවාරි 1, 2020 සිට දෙසැම්බර් 31, 2020 දක්වා සංචාරය සඳහා වලංගු වේ. වැඩිදුර තොරතුරු www.srilankan.com/en_uk/special-offers/promotion/black-friday-srilankan-airlines වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැක.

    මෙම සුවිශේෂී දීමනාව මගින්, ශ්‍රීලන්කන් ගුවන් සේවය පියාසර කරන ගමනාන්ත රැසක චමත්කාරය අත්විඳීමට මෙතෙර සහ එතෙර සිටින සංචාරකයන් හට අවස්තාව ලැනෙනු ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය පියාසර කරන ඈත පෙරදිග ගමනාන්ත චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන්, ජපානයේ ටෝකියෝ , තායිලන්තයේ බැංකොක්, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර වන අතර, බහරේන් , කුවේට් , දෝහා , මස්කට්, ඩුබායි , අබු ඩාබි, දමාම්, රියාද්  සහ ජෙඩා සිය මැද පෙරදිග ගමනාන්ත වේ. මීට අමතරව, ලන්ඩන්, මෙල්බර්න් සහ සී ශෙල්ස් වෙතද ගුවන් සේවය මෙහෙයුම් සිදු කරයි.

    මෙම දීමනාව දකුණු ආසියාතික කලාපයේ ජනප්‍රිය ගමනාන්ත වන කොළඹ, මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත, පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් , බංග්ලාදේශයේ ඩකා, ඉන්දියාවේ චෙන්නායි , ට්‍රිවැන්ඩ්‍රම් , ට්‍රිචී, මුම්බාය , බැංගලෝරය, නව දිල්ලිය , කොචී, මදුරෙයි, කල්කටා, හයිද්‍රාබාද් සහ කොයිම්බටෝර් වෙතද අදාල වේ.

    ශ්‍රීලන්කන් නිල වෙබ් අඩවිය හරහා ගුවන් ටිකට්පත් වෙන් කර ගැනීමේදී පහසුකම් රැසක් අත්විඳීමට අවස්තාව සැලසේ. ඒ අනුව,ගුවන් ටිකට් පත් වෙන් කරවා ගෙන පැය 24ක් ඇතුලත කිසිදු අමතර ගාස්තුවකින් තොරව අවලංගු කළ හැකි වීම, පැය 24 පුරා සහය ලබාගැනීම , ටිකට්පත් වෙන් කරගැනීම සහ දින වෙනස් කිරීම් ඕනෑම වේලාවක, ඕනෑම ස්තානයකදී, ඕනෑම උපාංගයක් මගින් සිදුකළ හැකි වීම වැනි පහසුකම් රැසක් සලසා දී ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  (Airline Passenger Experience Association)  සම්මාන උළෙලේ දී   ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ )  සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය.  ඊට අමතරව අඛණ්ඩව 3 වන වරටත් ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පංතියේ  සේවා ඇගයුම් (Four Star) ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම අඛණ්ඩව තුන්වන වරටත් දකුණු ආසියාවේ ‘ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස (‘Leading International Airline’ in South Asia ) සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගියදා PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය දිනා ගත්තේය.